Posts

Showing posts from February 12, 2020
සවි ශක්තියට නැතිවම බැරි යකඩ This article is originally published on Divaina 12.02.2020 “අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා” පුංචි කාලේ අහපු අපි හැමෝටම මතක කවියක්. යකඩ යකා කියන්නේ කෝච්චිය. කෝච්චි හදලා තියෙන්නේ යකඩෙන්. කෝච්චි විතරක් නොවෙයි එදිනෙදා ජිවිතයේ අප නිතර භාවිතාවන බොහොමයක් දේ   නිමයලා තියෙන්නේ යකඩෙන්. එදිනෙදා ජිවිතයට නැතිවම බැරි යකඩ අපට බොහොම වැදගත් වන ලෝකයේ බහුලවම භාවිතා කරන ලෝහයක්. ලෝහයක් ලෙස යකඩ වල ඇති භූ විද්‍යත්මක පසුබිම කුමක්ද යන්න අපි සොයා බලමු. යකඩ නිස්සරණය කරන්නේ යපස් වලින්. ඉන් අදහස් වෙන්නේ යකඩ අඩංගු ඛනිජ සහිත පස් යන්නයි. කොහොම වුනත් යකඩ, රත්‍රන් සහ රිදී වැනි මූලද්‍රවමය ලෝහ වාගේ අමිශ්‍ර මූලද්‍රව්‍යයක් ලෙස සොබාවික පරිසරයේ මුණ ගැහෙන්නේ නැහැ. සොබාවික පරිසරයේ යකඩ අපට මුණ ගැහෙන්නේ ඔක්සයිඩ, හයිඩ්රෝක්සයිඩ, සල්ෆයිඩ සහ කාබෝනේට වැනි ඛණිජ ලෙසයි. භූ පරිසරයේ හමුවන මොනවද මේ යකඩ අඩංගු ප්‍රධාන ඛණිජ? හිමටයිට්, මැග්නටයිට්, ගොතයිට්, ලිමොනයිට්, සිඩරයිට්, පයරයිට්, ඉල්මනයිට් යනු යකඩ අඩංගු ප්‍රධාන ඛණිජ වර්ගයි. එයට අමතරව යකඩ අඩංගු වෙන තවත් බොහොමයක් ඛණිජ වර්ග භූ පරිසරයේ