Posts

Showing posts from November 29, 2020
  කල්‍යාණියෝ ගලා බසිති භූ සංචාරිතය 34 This article is originally published on Vidusara, 24.11.2020 භූ රූපණය ගැන අධ්‍යනය කිරීමේ දී ඒ සඳහා ගංගා ඇලදොළ මගින් ලබා දෙන දායකත්වය අතිමහත් බව පෙනී යයි. ඛාදනය සීඝ්‍ර කරමින් ද අවසාදිත එක්රැස් කරමින් ද     ඒවා පහත් බිම් කරා ගෙන යමින් ද එහි දී නිධිගත භූ රූපණ බිහි කරමින්ද අවසානයේ සියල්ල සාගරයට අතරිමින් ද මෙවන් වූ ජල පහරවල් අනුපමේය සේවයක් භූ රූපණ වර්ධනය සඳහා කරනා බව තේරුම් ගත හැක. භූ සංචාරිතයේ යෙදන ඔබ සියලු දෙනාම අත්‍යන්තයෙන්ම ගංගා ඇල දොළ යනාදී ජල මාර්ග වල සංචාරය අධ්‍යනය කල යුතුමය.   කඳුකරයේ ඉහත්තාවෙන්ම පටන් ගන්නා සියුම් උල්පත් ක්‍රමයෙන් වර්ධනය වන්නේ තුරුපත් පිසමින් ඇදහැලෙනා ජල බින්දු එක්කර ගනිමින්. මේ ජල බින්දු උදෑසන හිමිදිරියේ සිතල නිසා බිහි වූ ඒවා වන්නට බොහෝ ඉඩකඩ තිබේ. තුරුපත් අගට රැස්වන මෙවන් ජල බින්දු විසල් ජල මාර්ගයක් තනන්නට හේතුවන බව අපි මොහොතකටවත් නොසිතන්නෙමු. උල්පත් ජලය කුඩා පහත්බිම් සොය සොයා යන්නේ තම දේහයේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකරගනිමින්. ඒ සඳහා යාබද සිහින් ජල පහරවල් ද එක් කරගන්නට උත්සාහ කරන්නේ විටෙක එය ඉබේම විශාල වන ජල පහර සඳහා හේතු