Posts

Showing posts from March 5, 2020
එදිනෙදා ජීවිතයට මැටි වැඩ නම් නැතුවම බැරිය  This artcile is originally published in Divaina, 04.03.2020. උයා පිහාගෙන කන්න පටන් ගත්ත කාලේ ඉඳලම අපට මැටි නැතුවම බැරිය. මැටි වලින් කරන වැඩ මැටි වැඩය. මෝඩ වැඩ කරන විටත් අප කියන්නේ මැටි වැඩ කරනවා කියලා ය. නමුත් අද අපි කතා කරන මැටි වැඩ එහෙම නොවේය. එම මැටි වැඩ නම් ඇත්තෙන්ම මැටි භාවිතා කර කරනු ලබන නිෂ්පාදන සම්බන්ධවයි.  මැටි යනු ඛණිජ වන අතර මැටි ඛණිජ ගොනුවක් ම පවතී. ඛණිජ විද්‍යාත්මකව සැලකූ විට මැටි ඛණිජ ගොනුවේ මැටි ඛණිජ වර්ග ගණනාවක් ඇත. කෙයෝලින්, මොන්ට්මොරිලිනයිට්, ක්ලොරයිට්, ඉලයිට්, ස්මෙක්ටයිට් යනාදී වශයෙන් හඳුනාගත හැක. භූ විද්‍යාත්මකව සැලකු කල මැටි ඛණිජ නිර්මාණය වන්නේ පාෂාණ ජිර්ණයේ ප්‍රතිඵලයක් ලෙසයි . එම නිසා මැටි ඛණිජ හඳුන්වන්නේ ද්විතියික ඛණිජ ලෙසයි. බොහෝ විට මැටි ඛණිජ නිර්මාණය සඳහා දායක වන ප්‍රාථමික ඛණිජය වන්නේ පෙල්ඩ්ස්පා(ර්) නම් වූ   පාෂාණ කාරක ඛණිජය වන අතර   මයිකා වැනි සමහර ඇලුමිනියම් සිලිකේට් ඛණිජ වර්ග ජිර්ණයෙන් ද මැටි ඛණිජ බිහි වෙයි. පෙල්ඩ්ස්පාර් ඛණිජය වැඩි පුර හමුවන පාෂණ නිසා මැටි ඛණිජ නිධි බිහිවන අතර   මේ තත්වය නිවර්තන කලා