Posts

Showing posts from December 6, 2020
  වලවේ ගඟබඩ රම්භා විහාර පුද බිම භූ සංචාරිතය 3 5 This article is originally published on Vidusara 02.12.2020 පසු ගිය සතියේ භූ සංචාරය කල්‍යාණි ගංගා සමග විය. එහි දිගුවක් ලෙස මෙවර භූ සංචාරය තවත් ගංගාවක් අසබඩ ගත කරන්නට තීරණය කලෙමි. ඒ අන් ගඟක් නොව අප කවුරුත් හොඳින් දන්නා වලවේ ගඟයි. වලවේ ගඟ ශ්‍රී පාද අඩවියේ සිට ආරම්භ වන්නේ කිසියම් දුරකට ලෝකාන්තය හා යම් සබැඳියාවක් ඇති කරමින්. කල්තොට ප්‍රදේශය හරහා ගලා බසිනා මේ වලවේ ගංගාවෝ ඉන් පසු ලඟා වන්නේ තම වෘධ අවදියටයි. ඒ බොහෝ විට රම්භා විහාර ප්‍රදේශයේදීය. රම්භා විහාරය ප්‍රදේශය හඳුන්වන්නේ එනමින්, ඊට හේතුවන්නේ පැරණි රාජධානියක තතු ගෙන එන්නේ මේ ප්‍රදේශයෙන් බැවින්. එපමණක් නොවේ නමේ ගැබ් වී ඇත්තේ මේ ප්‍රදේශය වසා පැතිරී ඇත්තේ කෙසෙල් ගස් බවයි. රම්භා යනු කෙසෙල් යන්නයි. විහාරය පැරණි රාජධානි භුමියේ පසුකාලීනව ඉදිවුන බෞද්ධ විහාරයක් ද වෙයි. වලවේ ගංගාවේ වෘධ අවධියේ නිර්මණය කරන ලද අපූරු භූ රූපණයක් නිසා මේ ප්‍රදේශය කෙසෙල් වගාවට පමණක් නොව එළවලු වගාවට ද කදිම තෝ තැන්නක් වී ඇත. මැදි අවධිය පසුකරමින් තම වෘධ අවධියට ලඟා වන වලවේ ගංගාවෝ තම ජල ප්‍රවාහයේ ශක්තිය තව දුරටත් හීන කරගන