Posts

Showing posts from August 11, 2019
විදුපත්ඉරුව 18.01.2017 පෘථිවියේ ඇති 'ආනතිය' හේතුවෙන් සුවිශේෂී දේශගුණික කලාපයන් නිර්මාණය වී ඇත. හිරු ගේ කිරණ ලැබෙනා පිළිවෙළ නිසා හිරු ගේ ශක්‌තිය උපරිමයෙන් ලබාගන්නට නිරක්‌ෂයට හැකියාව ලැබී තිබේ. එමෙන් ම ධ්‍රැවාසන්නයට තීව්‍රතාවෙන් අඩු හිරු කිරණ ලැබෙනා බැවින් ඉතා අඩු ශක්‌තියක්‌ ලැබෙන බව එහි දේශගුණික තත්ත්වය නිරීක්‌ෂණයෙන් ඉතා හොඳින් පැහැදිලි වේ. විවිධ පරිසර ජයගැනීමට මිනිසාට හැකියාව ලැබී තිබෙන්නේ ඇත්තෙන් ම ඒ එම පරිසරයට අනුව ජීවත් වන්නට හැඩගැසීමෙනි. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ මෙලෙස සිදු වූ පෙරළිය විවිධ සමාජ සංස්‌කෘතීන් බිහි කරන්නට හේතු වී ඇත. ධ්‍රැවාසන්න ප්‍රදේශ ශක්‌ති ඌනතාවකින් පෙළෙනා බව පිළිගත යුතු ය. තාප ශක්‌තියේ ඌනතාව ඉතා ප්‍රබල ලෙස බලපාන බව එම ප්‍රදේශවලින් විකසනය වූ සමාජ සංස්‌කෘතීන් විග්‍රහ කිරීමේ දී පෙනී යයි. පවතින දරුණු ශීත දේශගුණික තත්ත්වය ඔවුන් සමනය කරගන්නේ තමන් ගේ මුළු ශරීරය ම බාහිර පරිසරයෙන් වියුක්‌ත කර ගැනීමෙනි. ඒ සදහා ඔවුහු විවිධ උපක්‍රම භාවිත කරති. ඇඳුම් පැළදුම් ඒ අතර ප්‍රමුඛ වෙයි. දෙඅත් මෙන්ම දෙපා ද ආවරණය සදහා මේස්‌ පැළඳීම, දෙකන් වැසෙන සේ හ