Posts

Showing posts from June 5, 2018
විදු පත් ඉරුව 2015.06.29 පැරැණි ලක්‌වාසීහු භූ සහ ඛනිජ සම්පත් පිළිබඳව බොහෝ දැනුවත් වූවෝ වෙති. එම දැනුම ප්‍රාග් ඓතිහාසික යුගයන් දක්‌වා විහිදෙන බව මෙරටෙහි කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් පැහැදිලි වෙයි. පසුගිය සතියෙක මා විදුපත් ඉරුවෙහි සඳහන් කළ අලවල පොත්ගුල් ලෙනෙහි සිදු කරන ලද කැණීමෙන් හමු වූ ද්‍රව්‍ය අතර මැග්නටයිට්‌, හෙමටයිට්‌ සහ මිනිරන් ඛනිජ වේ. මැග්නටයිට්‌ සහ හෙමටයිට්‌ යනු යකඩ ඔක්‌සයිඩ වේ. මැග්නටයිට්‌ ඛනිජයට කාන්දම්වලට ආකර්ෂණය වීමේ සුවිශේෂී හැකියාව ඇති අතර, හෙමටයිට්‌ එවැනි ගුණයක්‌ පෙන්වන්නේ නැත. මැග්නටයිට්‌ ප්‍රාථමිකව බිහි වන ඛනිජයක්‌ වන අතර හෙමටයිට්‌ බොහෝ විට බිහි වන්නේ ජීර්ණයේ ප්‍රතිඵලයක්‌ ලෙස ද්විතීයික ව ය. වැස්‌සකට පසු ජලය ගලා ගිය මාර්ගයේ සමහර ස්‌ථානවල කළු පැහැති වැල්ලක්‌ ඔබ දැක ඇති බවට නොඅනුමාන ය. කාන්දම් කැබැල්ලක්‌ ගෙන එම වැල්ලට ආසන්නයේ ඉහළින් රඳවා තැබීමේ දී එයට ආකර්ෂණය වන යම් කළු වැල්ලක්‌ ද වෙයි ද එය මැග්නටයිට්‌වලින් සමන්විත වේ. එහෙත් සමහර කළු පැහැති වැලි එසේ ආකර්ෂණය නො වේ. ඒවා බොහෝ විට මිනිරන් හෝ බයෝටයිට්‌ නම් වූ මයිකා (නැත හොත් තලාතු මිනිරන්) වේ. මේ