Posts

Showing posts from September 27, 2020
නාය භුමි ප්‍රතිස්ථායිකරණය යනු අතීසාරෙට අමුඩ ගැසීමක්...??? This article is originally published on Vidusara, 23.09.2020.  භූ සංචාරිතය 2 9 මධ්‍යම කඳුකරය තරම් සංචාරය ට අපූරු තැනක් තවත් ඇත්තේ නැත. මනරම් දර්ශන ගෙන එන්නේ ද අපූරු දිය ඇලි බිහි කරන්නේ ද කඳුකරයයි. අයකුගේ චෛතසිකය ඒකාත්මික කරන්නට මේ සෞමය පරිසරය ලබා දෙන්නේ මහඟු අත්වැලක්. අධ්‍යාත්මික සුවය සොයන්නන් කඳුකරයේ අතරමං වන්නට සිතන්නේ ඒ නිසාම විය යුතුය. ඉහලට යත්ම අඩුවන පාරිසරික උණුසුම ගත සිසිල් කරමින් වත සනසන්නට හේතුවන බව අත්දැකීම් ඇත්තෝ හොඳින් දනිති. මේ අපූරු කඳුකරයට වෙමින් පවතින්නේ කුමක් ද යන්න බොහෝ දෙනෙකුට තවම තේරුම් ගැනීමට නොහැකි වී ඇති බව පෙනී යන කරුණකි. මානව අතවරය එන්න එන්නම වැඩි වී කඳුකරය ආතුර වී ඇතැයි දැන් දැන් මට සිතේ. ප්‍රධානම කාරණය වන්නේ නොහික්මුණ මිනිසුන්ගේ ක්‍රියාකලාපයයි. අස්ථාවර භූමින් නිර්මාණය කරන්නට එය ප්‍රභල හේතුවක් වී ඇති බව කිව යුතුය. සංවර්ධනයේ නාමයෙන් කරනා භූ දර්ශ විනාශය කොතරම් ප්‍රබල ද යන්න දිනෙන් දින වැඩිවන නාය අවදානම හමුවේ ඔබට තේරුම් ගත හැකි වේවි. කොතරම් දුරට මෙරට හදවතට හානි කර ඇත්ද යන්න විධිමත්ව අධ්‍යනය කරන්න