Posts

Showing posts from January 22, 2017
විදු පත් ඉරුව 20 15  නොවැම්බර් 25 බදාදා කැලණි ගඟ සබරගොමුව සරුසාර කරන එක්‌ ජල සම්පතකි. ඔබ අප සැවොම හොඳින් දන්නා පරිදි කුඩා ජල දහරක්‌ ලෙස ශ්‍රීපාද අඩවියෙන් පටන් ගන්නා මේ ගංගාවේ මුල් අවස්‌ථාව සීත ගඟුලයි. නමේ හැටියට ම සීතල වතුර පිරි මේ ජල දහර ශ්‍රීපාද වන්දනාවේ යන බැතිමතුන් ගේ වෙහෙස නිවන්නට බොහෝ උපකාරී වෙයි. එලෙස සලකන මේ දිය දහරට අප ජනතාව ගෙන් නම් එතරම් හොඳ ප්‍රතිඋපකාරයක්‌ නො ලැබෙන බව ය පෙනෙන්නේ. ඒ බැතිමතුන් රැගෙන යන ආහාර සහ පොලිතින් ඇතුළු අප ද්‍රව්‍ය කිසිදු වග විභාගයක්‌ නොමැති ව එයට අතහරින බැවිනි. ශ්‍රී ලංකාවේ, පටන් ගැන්මේ පටන් ම දූෂණයට ලක්‌ වන ගංගාවලට කැලණි ගඟ ද හොඳ උදාහරණයකි. අද සිට තවත් මාසයකින් එනම් ලබන දෙසැම්බරයේ පසළොස්‌වක දින මෙවරත් ශ්‍රීපාද වන්දනාව පටන් ගැනීමට නියමිත ය. මාස පහක පමණ කාලයක්‌ පුරා දිවෙන මේ වන්දනා මුරය අවසන් වන විට අවට පරිසරය බොහෝ දූෂණය වෙයි. බොහෝ දෙනකු මෙවර වන්දනාව සදහා දැනටමත් සැලසුම් සකස්‌ කර තිබෙනවා ඇත. ඒ අතර කෝඩුකාරයෝ ද පළපුරුදු ඇත්තෝ ද වෙති. පසුගිය වාරවල ඔබ කෙසේ ශ්‍රීපාදය වන්දනා කළ ද මෙවර නව මානයකින් යුක්‌ත ව ශ්‍රීපාද වන්දනාවට සූදාන