Posts

Showing posts from April 28, 2017
Image
විදුපත් ඉරුව 20 17 අප්‍රේල් 26 බදාදා පසුගිය කාලයේ අප කතා බහට ලක්‌ කළේ කඳු නාය යැම් ගැන ය. එනිසා අවතැන් වූවන් ගැන ය. ආපදාවට ලක්‌ වූවන් එම ස්‌ථානවලින් ඉවත් කර සුරක්‌ෂිත ස්‌ථානවල රැඳවීම ගැන ය. පුදුමයක මහතෘ මෙන්න කඳු නොමැති කොළඹ නාය යන්නට පටන්ගෙන. නාය යන්නේ කුණු කඳු ය. මීටර පනහක්‌ පමණ උසට ගොඩනැගුණ මීතොටමුල්ල කසළ කන්ද පසුගිය දා නාය ගියේ ය. ඒ මිනිස්‌ ජීවිත 32ක්‌ අහිමි කරමිනි. තවත් සිය ගණනකට උන්හිටි තැන් අහිමි කරමිනි. දේපළ විශාල ප්‍රමාණයක්‌ හානියට ලක්‌ කරමිනි. 'කුණු කන්ද නාය ගියා නම් මිනිස්‌සු මැරෙන්න ඇත්තේ කුණුවලට යට වෙලා නේ' බොහෝ දෙනෙක්‌ පැවසූ හ. එහෙත් පින්තූර රුප රාමුවල එවැනි දෙයක්‌ දිස්‌ වූයේ නැත. හානියට ලක්‌ වූ නිවාස පිහිටි ස්‌ථාන කුණුවලින් යට වී තිබුණේ නැත. එසේ නම් මිනිසුන් මැරුණේ, දේපළ හානි වූයේ කෙසේ ද? හානියට ලක්‌ වූ ප්‍රදේශය ස්‌වාභාවික භුමි මට්‌ටමෙන් බොහෝ එසවී තිබුණු බව ඉතා හොඳින් පැහැදිලි විය. මෙහි දී සිදු වූ භූ විද්‍යාත්මක ක්‍රියාවලිය කුමක්‌ විය හැකි ද? සමහරුන් පැවසුවේ මීතේන් වායුව නිසා සිදු වූ පිපිරීමක්‌ නිසා කුණු කන්ද නාය ගිය බවයි. මේ