Posts

Showing posts from July 4, 2018
භූ විද්‍යාව යනු කුමක්‌ ද ? 04.11.2015 පෘථිවියේ ආරම්භය, අතීත පැවැත්ම සහ ව්‍යqහය ගැන සිදු කරන විද්‍යාත්මක අධ්‍යයනය භූ විද්‍යාවයි. එහි දී අප හොඳින් ම දන්නා ජලගෝලය, වායුගෝලය සහ ශිලාගෝලය අතර ඇත්තා වූ අන්තර් සම්බන්ධතා, ඛනිජ සහ පාෂාණ, ප්‍රාග් ජීව ධාතුන්, මැණික්‌, ඛනිජ තෙල් සහ වායූන්, වැස්‌ස සහ ජල සම්පත්, ගිනිකඳු පිපිරීම්, පා වන මහාද්වීප, භූ කම්පන, නාය යැම් සහ සුනාමි වැනි අනතුරු, පාංශු ඛාදනය සහ ජීරණය වැනි ක්‍රිsයාකාරකම් යනාදී විෂය ඉසව් රැසක්‌ අධ්‍යයනය කෙරේ. එපමණක්‌ නො ව විශ්වයේ පවත්නා භෘතික වස්‌තූන් පිළිබඳව ද ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මේ විෂය ක්‌ෂේත්‍රය තුළින් සාකච්ඡා කරනු ලබයි. ඉතා පුළුල් පරාසයක්‌ පුරා පැතිරී යන මේ විෂයය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව භෘතික විද්‍යාව යනාදී අනෙකුත් මූලික විෂයන් සමග ද සම්බන්ධකම් පවත්වයි පෘථිවියෙහි භූ විද්‍යාත්මක පසුබිම පෘථිවිය ඇතුළු මේ විශ්වයේ පවතින ග්‍රහ වස්‌තූන් නිර්මාණය වී ඇත්තේ ඛනිජවලිනි. ඛනිජ රැසක එකතුවක්‌ පාෂාණ නිර්මාණය කිරීමට හේතු වේ. එක්‌ ඛනිජයකින් පමණක්‌ නිර්මාණය වූ පාෂාණ ද නැත්තේ නො වේ. පෘථිවියෙහි දැනට හඳුනාගත් ඛනිජ වර්ග 3000ක්‌