Posts

Showing posts from July 13, 2017
විදුපත් ඉරුව මානසික ආතතියෙන් මිදෙන්නට බොහෝ දෙනකු සොයා යන්නේ තවමත් නොකැළැල් ව ඇති සුන්දර සොබාවික පරිසරයටයි. ජනාකීර්ණ බවෙන් මිදී, ග්‍රාමීය පරිසරයක වුව දින කිහිපයක්‌ ගත කිරීම කලෙක සිට ගොඩගැසුණ චිත්ත පීඩනය මුදා ලන්නට හේතු වන බව අමුතුවෙන් විස්‌තර කරන්නට වුවමනා නො වේ. විශේෂයෙන් ම කොළඹ ජනාකීර්ණ බව තුළ ඇත්තේ ලෙඩුන් බිහි කරන පරිසරයක්‌ බව නිශ්චිත ය. කන්නට පිරිසිදු කෑම ද, බොන්නට පිරිසිදු ජලය ද, හුස්‌ම ගන්නට පිරිසිදු වාතය ද පමණක්‌ නො ව අහිමි වී ඇත්තේ නිශ්චල බව ද 'මනරම් දැකුම' ද බව මොහොතක්‌ සිතා බලන විට පැහැදිලි වෙයි. එනිසා ම එවැනි පරිසරයක දිනෙන් දින බිහි වන්නේ අකර්මණ්‍ය වන ජනතාවකි. ශ්‍රී ලංකාව පාරිසරික දූෂ්‍ය බවෙහි උපරිමයට ළං වෙමින් සිටින බව පෙනී යයි. නොදැනුවත් ව මානසික ආතතිය ඇති කරන 'දෘශ්‍ය දූෂණය' පිළිබඳව මෙරට තවමත් නිසි කතාබහකට ලක්‌ ව නැත. අනෙකුත් භෞතික දූෂකයන් පිළිබඳ වූ ගැටලු ලිහා දැමීමට අපොහොසත් කල මෙවැන්නක්‌ ගැන කතා කරන්නට තරම් අවධානයක්‌ නො තිබෙන බව එක අතකට පුදුමයකුත් නො වේ. තැනින් තැන ගොඩ ගැසෙන කසළ කඳු මෙන්ම මහා මාර්ග අසල නිවාස ඉදිරිපිට අත්හැර ඇති කසල මලු ද ගෙන