Posts

Showing posts from September 5, 2018
විදු පත් ඉරුව 10.02.2016 හන්තාන අඩවිය පිස එන සුළඟ කිසි දිනක අමතක කළ නොහැක්‌කේ මා ගේ දෙවැනි කඩඉම සාක්‌ෂාත් කර දුන් පරිසරය එය බැවිනි. එපමණට ම මට හන්තාන අඩවිය ළබැඳි ය. විද්‍යාවේ ගැඹුරට කිමිදෙන්නට හන්තාන අඩවිය අපූරු පරිසරයක්‌ සකස්‌ කර දුන්නා ය. පළමු වසරේ සිට අවසාන වසර තෙක්‌ ම හන්තානේ නොයෙක්‌ තැන්වල කරක්‌ගසන්නට මා හට අවස්‌ථාව උදා විය. නැත හොත් අවස්‌ථාව මම ම උදා කරගත්තෙමි. ඒ කරුණු කිහිපයක්‌ නිසාවෙනි. පළමුවැන්න මා භූ විද්‍යාව හදාරන ශිෂ්‍යයකු වීමයි. දෙවැන්න මට විශ්ව විද්‍යාලය තුළ වූ ප්‍රමුඛ පෙළේ සමිති සමාගම් කිහිපයක ම ක්‍රියාකාරී සාමාජිකයකු වන්නට ලැබීමයි. තෙවැන්න මේ කිසිවක්‌ නොමැති කල කණ්‌ඩායම් සගයකු සමග කොහේ හෝ ඇවිදින්නට යැමයි. තෙවැන්න බොහෝ විට සිදු වන්නේ නිවාඩු කාලයේ දී හෝ නිවාඩු දිනවල දී ය. සතිපතා ගෙදර දිවීමට වුqවමනාවක්‌ එකල මට නො වී ය. එමෙන් ම ඉතා දුර බැවින් සතිපතා ගමේ යැමට නොහැකි සගයන් කිහිප දෙනකු ද බොහෝ වේලාවට සති අන්තයේ නැවතිණි. විශ්ව විද්‍යාලයයේ නේවාසිකාගාර නිස්‌කලංකව පසු වෙයි. හවස්‌ වන විට කුමක්‌ දෝ පාළුවක්‌ අප වෙලාගනී. ඔන්න එවිට කාමරයෙන් පැන යැමට සිත්