Posts

Showing posts from November 9, 2021
  අනාගත විද්‍යා ප්‍රබන්ධ විකාශය කොයිබටද? විදුසර 34 වැනි සංවත්සරය වෙනුවන් ලියන ලද ලිපිය.  03.11.2021 දින පලවිය . විද්‍යා සාහිත්‍ය අතර විද්‍යා ප්‍රබන්ධ වලට හිමිවන්නේ ප්‍රමුකස්ථානයක්, විද්‍යා ප්‍රබන්ධ විටෙක ලෝකයේ දිශානතිය වෙනස් කරන්නා වූ සන්ධිස්ථානයක් වන්නට ද පුළුවන. එවන් අවස්ථා ගණනාවක් ඇති බව වත්මන් ලෝකයේ විද්‍යා ප්‍රබන්ධ පදනම් කර ගත් තාක්ෂණය සහ විද්‍යාත්මක සොයා ගැනීම් සහ ඒවා නිසා සිදු වූ පෙරළීන් ගැන විමසා බැලීමේ දී අපට පෙනී යයි. උදාහරණයක් ලෙස ආචාර්ය ආතර් සී   ක්ලාර්ක් මහතාගේ විද්‍යා ප්‍රබන්ධ වල වූ රැහැන් රහිත දුරකථන සහ චන්ද්‍රිකා තාක්ෂණය වැනි තාක්ෂණයන් නිසා ලෝකයේ දිශානතිය වෙනස් කල ආකාරය හොඳින් පැහැදිලි වේ.   විද්‍යා ප්‍රබන්ධ අනාගතය දකින්නා වූ කැඩපතක් වන්නේ රචකයාගේ අනගත දැක්ම අනුව බව අප කවුරුත් හොඳින් දන්නෙමු. ඔහුගේ දැක්ම විකසිත වන්නේ වත්මන් ලෝකය පවතින ආකාරය සහ එහි බලපවත්නා විවිධ මානව ක්‍රියාකාරකම් සහ අවශ්‍යතා මත පදනම්ව බව පෙනී යයි. එනිසා අනාගත විද්‍යා ප්‍රබන්ධවල ස්වරුපය සහ අන්තර්ගතය විය හැක්කේ මොනවාද යන්නට පිළිතුරක් සොයන්නේ නම් ඒ සඳහා ඉහත කී කරුණු මේ සඳහා පදනම විය හැකි බව මෙහිදී පැව