Posts

Showing posts from March 21, 2020
මන්දාරම් නුවර ගල්ගුහා; මගේ පළමු ගල්ගුහා චාරිකාව පත්මෙගේ භූ සංචාරිතය 10 This article is originally published on Vidusara, 18.03.2020. මන්දාරම් නුවර කියන්නේ පිදුරුතලාගල කඳු වැටියට උතුරින් වූ මොහොර පාමුල ඇති අපුරු ගම්මානයක්. පිදුරුතලාගල කඳු වැටියේ මොහොරෙන් ඇද හැලෙන මිදුම් සේලයන් නිසා නිතරම වැසීයන, සීතලෙන් අනූන වූ, මේ කදිම ගම්මානය එළවළු වගාවටම ගැලෙපන අපූරු තෝතැන්නක්. විවිධ කාරණා   නිසා අවස්ථා ගණනාවක්ම මේ ප්‍රදේශයේ සංචාරය කරන්නට මට හැකියාව ලැබුනා. හැබැයි මේ හැම අවස්ථාවකම අත් දෙක බැඳගෙන සීතල ඉවසන්නට වීම තමයි මා ලද දරුණුම අත්දැකීම වූයේ.  මන්දාරම් නුවර පළමු සංචාරයට හේතුවෙන්නේ ගල්ගුහාවක් අධ්‍යනය කරන්නට අවැසි වීමයි. ඒ මා මිතුරු බැචා (batchmate) වූ මනෝජ් ප්‍රසන්නගේ ආරාධනයෙන්. මනෝජ් වැඩ ක‍රන්නේ පරිසර අමාත්‍යංශයේ. ඒ දවස්වල කඳුකර දිනය වෙනුවෙන් ඔහු වෙහෙසෙමින් තමයි සිටියේ. පිදුරුතලාගල කඳුවැටියේ පිහිටි මේ සුවිශේෂී භූ රූපණය අධ්‍යනය කල යුතු යැයි ඔහු කිහිප වතාවක්ම මා හා පවසා සිටියේ මාගේ උනන්දුව තව තවත් වැඩි කරමින්. “ඉබ්බා දියට දමන්නට හදන විට ඇන්නෑවේ කිව්වා” සේ මා ද ගමන සඳහා එක පයින්