Posts

Showing posts from February 15, 2021
මුතුරාජවෙල තෙත්බිමකි.  භූ සංචාරිතය 45 This article is originally published on Vidusara, 10.02.2021. පසුගිය සතියේ ලෝක තෙත්බිම් දිනය සමරන්නට යෙදුනා ඔබට මතක ඇති. ඒ පෙබරවාරි මස දෙවනි දා. තෙත් බිම් යනු ඉතා වැදගත් පරිසර පද්ධතියකි. භූ සංචාරිතයෙන් වරින් වරින් මේ ගැන අප කතා කලා. රැම්සා සම්මුතිය බිහිවන්නේ තෙත් බිම් අරක්ෂා කරගන්න. එය ආරම්භ වන්නේ අදින් වසර පනහකට පෙර ඉරානයේ රැම්සා නගරයේ පවත්වන්නට යෙදුන සම්මේලනයකින්. එහිදී ඇතිකරගත් එකඟතාවයෙන් ලෝකයේ රටවල් බොහොමයක් මේ සම්මුතියට අත්සන් තබන්න තෙත්බිම් ආරක්ෂා කරගැනීම පරම චේතනාවෙන්. පළමු සැසිය පවත් වූ 1971 වසරේ දී   මේ සඳහා රටවල් 7ක් එකඟතාවය පළ කල අතර මේ වනවිට රටවල් 171 ක් එකඟතාවය පළ කරමින් අත්සන් තබා ඇත. මේ අතර ශ්‍රී ලංකාව ද වෙයි. ශ්‍රී ලංකාව රැම්සා සම්මුතියට එකඟතාවය පළකරමින් අත්සන් තබන්නේ 1990 දී බූන්දල වනෝද්‍යානය රැම්සා තෙත්බිමක් ලෙස නම් කරමින්. එදා මෙදාතුර කාලයේ එවන් වූ තෙත්බිම් පහක් සමගින් සියල්ල හයක් ලෙස රැම්සා තෙත් බිම් බවට පත්කරමින් ජාත්ත්‍යන්තර අවධානය ලබා ගැනීමට හැකි වී ඇත. ආනවිලුන්දාව, මාදු ගං මෝය, වංකලේ, විල්පත්තුවේ ප්‍රදේශයක් සහ කුමන ජාත