Posts

Showing posts from August 14, 2020
විපරීත කඩුගන්නාවේ සුන්දරත්වය...!!! භූ සංචාරිතය 2 2 This article is originally published on Vidusara 11.08.2020. භූ සංචාරිතය මා ගෙන එන්නේ බොහෝ දෙනෙනෙකු නොදකින ශ්‍රී ලංකික භූ පරිසරයේ අපූරු සුන්දරත්වය ඔබ වෙත ගෙන එන්නට මිස, මාගේ දැනුමේ වපසරිය පෙන්වන්නට නොවන බව මෙහිලා මා තරයේම සඳහන් කල යුතුය. දශකයට අසන්න කාලයක් මා සේවය කරන ලද්දේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධව යි. එනිසා මාගේ දශක දෙකකට ආසන්න සේවා කාලයේ අර්ධයක්ම මා ගත කරන්නේ පුරාවිද්‍යාත්මක දෑ ඇසුරු කරගෙනය. ම විසින් මෙරට වර්ධනය කරන ලද භූ පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුල ශ්‍රී ලාංකික පුරාවිද්‍යා ක්ෂේත්‍රයෙහි ගිලිහුන ගැලපුම ශක්තිමත් කරන්නට අවශ්‍ය මාධ්‍ය සපයන්නට හැකි බව අමතක නොකළ යුතුය. මේ සත්‍යතාවය පිලි නොගන්නා තෙක්ම,   භූ විද්‍යාව   පුරාවිද්‍යාවේ පදනම නොවේ යැයි සිතන තාක්ම, සමාවන්න, එය ළිං මැඩියන්ගේ   කථිකාවතක් පමණක් වනු ඇත. භූ සංචාරිතයෙන් මා ගෙන එන දේ බොහෝ විට පුරාවිද්‍යාවට සම්බන්ධ බව මාගේ ලිපි ඔබ කියවන්නේ නම් ඔබට වටහා ගන්නට හැකි වේ. මා මිතුරු පුරාවිද්‍යාඥයින් තරයේම මතකයෙහි රඳවා ගත යුතු කරුණ වන්නේ ඒ හරහා මා කිසිම විටක ඔවුන්ගේ දැනුම අවත