Posts

Showing posts from April 28, 2021
  භූ සංචාරිතයේ නිමාව....!!! භූ සංචාරිතය   50 This article is originally published on Vidusara. මේ වසන්තය ලබන කාලයයි. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියාගේ වසරක සංචාරය අවසන් කර නව සංචාරයක් ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ පත්මෙගේ භූ සංචාරිතය අවසාන කලයුතු යැයි සිතේ. වසරකට ආසන්න කාලයක් සංචාරිත ලිපි පනහක් ඇතුලත් වූ   භූ විද්‍යාත්මක සාර සංග්‍රහය ඔබ සියල්ලටම නවමු අත්දැකීමක් වන්නට ඇතැයි සිතමි. භූ විද්‍යාඥයෙකු ලෙස පසුගිය දශක දෙකක කාලය තුල මෙරට බොහොමයක් තැන්වල කරක් ගසන්නට ඒ ඒ කාලවලදී ලද රැකියාවල රාජකාරි නිසාවට මා හට අවස්තාව ලැබීම මා ලද පරම භාගයක් ලෙස සලකමි. එනිසාවට විශ්ව විද්‍යාලයේ දී මා ඉගෙන ගත් විෂය කරුණු වලට අමතරව මෙරට භූ විද්‍යාවේ බොහෝ දේ මෙන්ම නවතම කරුණු රාශියක අත්දැකීම ද විඳගන්නට මාහට හැකියාව ලැබුණි. මේ ලිපි පෙළෙහි අන්තර්ගතය වූයේ එලෙස මා ලද අත්දැකීම් වන අතර මෙරට ජනතාවට යම් කිසි ප්‍රමාණයකට භූ විද්‍යාව පිලිබඳ මෙරට බහුතරයකගේ භාෂාවෙන් ඉදිරිපත් කරන්නට මම අදහස් කළෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස මාගේ සිතුවිලි ද ඇතුලත්ව යම් කිසි ප්‍රමාණයකට විෂය කරුණු ද සහිතව මාගේ අත්දැකීම් සමග භූ විද්‍යත්මක දෑ සහ ස්ථාන පිළිබඳ