Posts

Showing posts from January 12, 2017
විදුපත්ඉරුව 20 16 අගෝස්‌තු 24 බදාදා. www.vidusara.com ප්‍රභාසංශ්ලේෂකයෝ ද, රසාසංශ්ලේෂකයෝ ද ස්‌වයං ශක්‌ති ජනකයෝ වෙති. එහෙයින් ප්‍රභාසංශ්ලේෂකයන්ට හිරු එළිය ලැබෙන තාක්‌ බිය විය යුතු නො වේ. රසාසංශ්ලේෂකයන් හට හිරු එළිය නොමැති වුව ද ජීවය පවත්වාගෙන යැමේ ගැටලුවක්‌ පැන නො නගී. පරිණාමය එතරම් ම විස්‌මයජනක ය. ප්‍රභාසංශ්ලේෂකයෝ රසාසංශ්ලේෂකයන් ගෙන් පරිණාමය වූවෝ වෙති. මේ හරිතප්‍රදධාරීහු ලොව හිරුඑළිය වැටෙන සැම අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ම පැතිර ගියෝ වෙති. ඔවුහු ජලයේ ද ගොඩබිම ද එක සේ ව්‍යාප්ත ව අතීත පෘථිවියේ විවිධ යුගවල දී ප්‍රමුඛව තව තවත් පරිණාමය වී, අවසන අපුෂ්පකයන් වී "හෙලූ බීජ" තනා එයින් ද නො නැවතී තව තවත් පරිනාමිකව ලොව මලින් සරසන්නට සමත් වෙති. ඒ සපුෂ්පකයන් බිහි කිරීමෙනි. හෙලූ බීජ තැනූ අපුෂ්පකයන් ගෙන් දැන උගත් පාඩම් නිසා "පල බර" එමෙන් ම ලොව "උසස්‌ ම ශාක" බවට පත් වූ සපුෂ්පකයෝ තමා නිර්මාණය කළ ඵලයේ දරු බීජ සඟවා අපූරු ආරක්‌ෂාවක්‌ සලසා දුන්නෝ ය. ඒ කෙසේ වෙතත් හිරු පවතින තාක්‌ ශක්‌ති අහේනියක්‌ සපුෂ්පකයන්ට නො දැනෙන්නේ වුව ද ඔවුහු පවතින්නා වූ පරිසරය විටෙක තම වර්ධන
විදුපත් ඉරුව 2 0 17 ජනවාරි 11 බදාදා         04 බදාදා මෙම සති අන්තය අතිශය කාර්යබහුල එකක්විය. ඒ අන් කිසිවක් නිසා නොව ගංවතුර උවදුරට ලක් වූ කැළණි ගං මිටියාවතෙහි ජිවත්වන කොළඹ අවට ජනතාවට සිදු වූ හානිය තක්සේරු කිරීමේ දුෂ්කර කාර්යයක් කරන්නට සිදු වීමයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සැම විටම මෙවැනි අභියෝගාත්මක කාර්ය සදහා උර දෙන්නට සැදී පැහැදී සිටිනා නිසාත් මෙවැනි දෑ පිළිබඳව ධනාත්මකව සිතනා පිරිසක් එහි ඇති හෙයිනුත් බොහෝ උද්යෝගිමත් ලෙස ද කාර්යශුර ලෙස ද මෙන්ම විනෝදාත්මකව ද එම සමීක්ෂණය සිදු කරන්නට හැකි වූ බව පැවසිය යුතුය.   මෙම ගං වතුර උවදුර සිදු වී බොහෝ කල් වුවද පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු නිසි පරිදි සිදුකරන්නට කඩිනම් වැඩපිළිවෙලක් අදාළ වගකිවයුතු ආයතනවලට නොමැති වීම පිළිබඳව කනගාටු වියයුතුවාක් මෙන්ම ඉතා වගකිවයුතු ලෙස ඔවුන්ගේ අවධානය ද මේ කෙරෙහි යොමුවිය යුතු බව පැවසිය යුතුය. මෙවැනි ආපදාවන්ට ලක්ව අවතැන් වන ජනතාව උදෙසා බොහෝ ආධාර උපකාර මුල්ම කාලයේ ලැබෙනා මුත් කල්යත්ම ඔවුන් පිලිබඳ මතකය අමතක වන බැවින් ස්ථිරසාර විසඳුමක් ඉතා කෙටි කලකින් ස්ථාපනය කල යුතුය. එවැනි වැඩපිළිවෙලක් සැකසීම එතරම් අසීරු දෙයක්