Posts

Showing posts from November 11, 2018
විදුපත්ඉරුව අද ශීඝ්‍ර දියුණුවක්‌ අත් කරගෙන සිටින චීනය විසින්, හැටේ දශකයේ අග භාගයේ තම කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා, තෝරාගත් සතුන් හතර දෙනකු සමූලඝාතනය කරන්නට තීරණය කරන ලදි. මැස්‌සන් ද, මදුරුවන් ද, මීයන් ද සමග චීනයේ බහුලව වෙසෙන ගේ කුරුල්ලකු මේ පළිබෝධයන් හතර දෙනා විය. විශේෂයෙන් ම "යුරොපීය රුක්‌ ගේ කුරුල්ලා" ගැන චීන ආණ්‌ඩුවට වූයේ ඉතා කරදරකාරී හැඟීමකි. ඒ කිසිවක්‌ නිසා නො ව, ගණනයන්ට අනුව වසරක දී එක්‌ ගේ කුරුල්ලෙකු වී කිලෝ 4.5ක්‌ පමණ කා දමන නිසා ය. එමෙන් ම අවසානයේ දී මිලියනයක පමණ ගේ කුරුල්ලන් ගෙන් හානි වන්නේ මිනිසුන් 60,000ක ආහාර බව ද ගණනය කර තිබිණි. මිලියන සියයකට වැඩි ප්‍රමාණයක්‌ වූ ගේ කුරුල්ලන් හට චීනයේ මේ තීරණය නිසා ජීවිත පූජා කරන්නට සිදු විය. චීන ආණ්‌ඩුවට වැරදුණු බව තේරුම් යැමට වැඩි කාලයක්‌ ගත නො වී ය. මේ ගේ කුරුල්ලන් කා දමන්නේ ධාන්‍ය පමණක්‌ නො වන බවත් වගාවට හානි කරන අනෙකුත් කෘමීන් ද ඒ අතර වන බවත් ඔවුනට පසුව පැහැදිලි විය. එහෙත් ඒ වන විට ඔවුන් බොහෝ ප්‍රමාද වී තිබිණි. එනිසා අපේක්‌ෂා කළ ලාභය නො ව අවසානයේ දී ඔවුනට මුහුණ පෑමට සිදු වූයේ අනපේක්‌ෂිත අලාභයකට ය. පරිසරයේ වෙසෙන සතුන් සහ ශ