Posts

Showing posts from May 28, 2018
විදු පත් ඉරුව 20 15  07.08   අප කුඩා කල ඉගෙනගත් තේරවිල්ලක්‌ මාගේ මතකයට නැෙගයි. ඒ, "පුංචි ළිඳේ වතුර රසයි" යන්නයි. මා එය ඔබට පහදා දිය යුතු නො වේ. මන්ද අප සියල්ල ඒ කුමක්‌ දැයි හොඳින් ම දන්නා බැවිනි. පිපාසය නිවාලන්නට ද, ශක්‌තිය ලබා දෙන්නට ද "වෑවරය"කට හැකි ය. එමෙන් ම ඛනිජ ලවණවලින් ද එය පොහොසත් ය. පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ එය සේලයින් වතුරට බොහෝ සමාන බවයි. ඒ ගස උඩ ඇත්තා වූ පුංචි ළිඳයි. ගමේ ගස යට ද එවැනි ම වූ පුංචි ළිඳකි. ශක්‌තිය ලබා දෙන්නට නොහැකි වුවත් අප ගේ ගත සිත නිවාලන්නට මේ පුංචි ළිඳට හැකි ය. ඒ "කුඹුකේ ළිඳයි" (කුඹුක්‌ ගසක්‌ යට පිහිටි ළිඳයි). මා කුඩා කල ජීවත් වූ ගමෙහි ද කුඹුකේ ළිඳක්‌ විය. එහි වූ නිල් කැටේට පිරිසිදු සීතල වතුර බීමට බොහෝ ම කදිම ය. මද්දහනේ පවා වතුර සිසිල ය. ඒ අසලින් ම තවත් වඩා විශාල ළිඳකි. ඒ ස්‌නානයට ය. වැඩිහිටියන් අනුමත කරන්නේ එයින් මද්දහනට පෙර ස්‌නානය කිරීමයි. සවස්‌ කාලයේ නෑම ඔවුහු ප්‍රතික්‌ෂේප කරති. එය ඔවුන් ප්‍රත්‍යක්‌ෂයෙන් ම දැනගත්තකි. ගස උඩ පුංචි ළිඳේ වතුර බීමේ දී ද මෙලෙස ම වූ කතාවක්‌ ගැමියන් අතර වෙයි. ඒ මද්දහ
විදු පත් ඉරුව 20 18 මැයි 23 බදාදා මෙවර තරු කඳවුර පැවැත්වූයේ බප/ජය/ ජනාධිපති බාලිකා විද්‍යාලයේ දීයි. මෙවැනි වැඩසටහනකට සහභාගි වීමට අවස්‌ථාව ලැබීම මා ඉතා භාග්‍යයක්‌ කොට සලකන අතර එය මට නවමු අත්දැකීමක්‌ වුණා. විදුසර ප්‍රධාන කර්තෘතුමාටත් වැඩසටහන මෙහෙයවූ සමීර මහතා ඇතුළු කණ්‌ඩායමටත් පළමුව මා ගේ හෘදයාංගම ස්‌තුතිය පුද කළ යුතුයි. ඔවුන් මේ වැඩසටහන ඔස්‌සේ ශ්‍රී ලංකාවේ පාසල් අතර විද්‍යාව ප්‍රචලිත කිරීමට ගන්නා නිහඬ වෑයම ඉතා අගය කළ යුතුයි. විද්‍යාව රටෙහි ප්‍රචලිත කිරීම සඳහා ඉතා පලදායි ක්‍රමයක්‌ ලෙස මෙවැනි කඳවුරු පැවැත්වීමත් ඒ සඳහා කවුරුත් ප්‍රිය කරන විෂයක්‌ වන තාරකා විද්‍යාව වැන්නක්‌ යොදාගැනීමත් ඉතා සුදුසු බවයි සමීර මහතා ගේ අදහස වූයේ. මා ද එය ඉහළින් ම අනුමත කරන අතර මෙවැනි එක්‌ කුඩා ක්‍රියාකාරකමක්‌ දරුවකු විද්‍යාව කෙරෙහි යොමු වීමට ප්‍රබල හේතුවක්‌ විය හැකියි. ඉතා අපූරුවට සංවිධානය කර තිබූ මේ තරු කඳවුර සඳහා විද්‍යාලයයේ බාලිකාවන් විශාල ප්‍රමාණයක්‌ සහභාගි වූවා. එය අපේක්‌ෂිත ප්‍රමාණය ඉක්‌මවූ බවයි විදුහල්පතිතුමිය පැවසුවේ. දරුවන් අහසට කෙතරම් ඇලුම් කරනවා ද යන්න මේ පා