Posts

Showing posts from May 18, 2017
විදු පත් ඉරුව 20 17 මැයි 17 බදාදා පසුගිය දිනවල උද්ගත වූ කසළ ප්‍රශ්නයත් සමග බොහෝ දෙනෙක්‌ 'මීතේන්' වායුව ගැන කතා කළ හ. ඇත්තට ම 'මීතේන්' යනුවෙන් හැඳින්වෙන්නේ කවරාකාරයේ වායුවක්‌ ද යන්න මෙවර විමසා බැලීම වටී යෑයි සිතේ. 'වගුරු වායුව' ලෙස ද හැඳින්වෙන 'මීතේන්' වායුව මධ්‍යගත කාබන් පරමාණුවකින් ද, ඒ වටා බැඳුණු හයිඩ්‍රජන් පරමාණු හතරකින් ද යුක්‌ත වෙයි. එනිසා සරල කාබනික සංයෝගයක්‌ ලෙස වුව ද මීතේන් හැඳින්විය හැකි ය. මීතේන් වායුව නිෂ්පාදනය වන්නේ ඔක්‌සිජන් රහිත තත්ත්වයේ සිදු වන ජෛව-රසායනික ප්‍රතික්‍රියා නිසාවෙනි. මෙහි දී ක්‌ෂුද්‍රජීවීන් ගේ සහභාගීත්වය අනිවාර්ය වේ. විද්‍යාඥයන් සොයාගෙන ඇති පරිදි සමහර ක්‌ෂුද්‍රජීවීන් එළිමහනේ ඔක්‌සිජන් ඇති විට ක්‍රියාකාරී වේ. එහෙත් සමහර ක්‌ෂුද්‍රජීවීන් ක්‍රියාත්මක වන්නේ ඔක්‌සිජන් නොමැති විට ය. ඔක්‌සිජන් ඇති විට ඔවුන් සක්‍රිය නො වේ. මීතේන් නිපදවෙන්නේ නිර්වායු ස්‌වසනයේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. බොහොමයක්‌ පහත් බිම්වල ඇති මඩ වගුරු කදිම කාබන් සංචිත වේ. ඒ, එම ස්‌ථානවලට ජලයත් සමග ගසාගෙන එන කාබනික සංයෝග (මැරුණු ශාක සහ සත්ත්ව කොටස්‌)