Posts

Showing posts from July 20, 2019
විදුපත්ඉරුව 19.10.2016 තවදුරටත් ශ්‍රී ලංකාවාසීන්ට ජලය අසීමිත ව භාවිත කළ හැකි සම්පතක්‌ නො වනු ඇත. ඒ බවට මෑතක සිට කරුණු කාරණා සිදු වෙමින් පවතින බව අප කළ නිරීක්‌ෂණවලින් පැහැදිලි වී ඇත. මෙවර ගී්‍රෂ්ම සමය එතරම් දරුණු නො වුව ද බොහෝ ප්‍රදේශවල ජනතාව ජල හිගයෙන් පෙළෙන බව වාර්තා වේ. ඇති වූ ජල හිගය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට නොහැකි වූ කල පසුගිය දිනවල රජරට විශ්ව විද්‍යාලයය හා ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයය තාවකාලිකව වසා දමන්නට පවා සිදු විය. මේ දුෂ්කරතාව වියළි කලාපයේ පමණක්‌ නො ව තෙත් කලාපයේ සමහර ප්‍රදේශවල ජනතාවට පවා අත්දකින්නට සිදු වී ඇත. නිවර්තන කලාපීය රටක්‌ වන අප රටට මෙතරම් ම ජල දුෂ්කරතාවක්‌ ඇති වන්නේ ඇයි දැයි යන්න අත්‍යවශ්‍යයෙන් ම විමසා බැලිය යුතු කාරණයකි. එය තවදුරටත් මගහැරිය නොහැකි ය. ශ්‍රී ලංකාවේ ජල සම්පත පරිහරණය වන රටාව පිළිබඳව තවමත් විධිමත් අධ්‍යයනයක්‌ සිදු වී නොමැත. ඒ නිසා පවතින ජල මූලාශ්‍ර පිළිබඳව නිසි අවබෝධයක්‌ ලබාගැනීමට නොහැකි වී ඇති බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නො වේ. ශීස්‍ර ජනගහන වර්ධනය, නගර නිර්මාණය, පවතින නගර විශාල වීම සහ නව කර්මාන්ත බිහි වීම යනු කරුණ