Posts

Showing posts from May 6, 2017
විදුපත් ඉරුව 20 17 මැයි 03 බදාදා 'අවදානමට පෙර සූදානම' අද දිනයේ කෙතරම් ප්‍රායෝගිකව යෙදවෙනවා ද යන්න විමසා බැලිය යුතු ය. නො දන්වා පැමිණි සුනාමිය දහස්‌ ගණනක්‌ ජීවිත බිලිගත්තේ පෙර සූදානම නො තිබූ කාලයේ වුව වර්තමානයේ දිනෙක එලෙස වුව හොත් කිසිදු සමාවක්‌ හිමි නො වන බව ඔබ කියනු ඇත. එහෙත් වසරකට (අවම) අධික කාලයක්‌ තිස්‌සේ පැහැදිලි සාක්‌ෂි ඇස්‌ පනාපිට පෙනි පෙනී තිබිය දී අවදානම නො සලකා හැරීම මීතොටමුල්ලේ ජීවිත 32ක්‌ බිලි ගැනීමට ඉඩ හරින විට ඔය කියනා 'පෙර සූදානම' පෑල දොරින් පලා ගියා දැයි සිතේ. සුනාමිය කරළියට පැමිණ ගත වී ඇත්තේ දශක දෙකකට අඩු කාලයක්‌ වුව නාය ආපදාව ගැන නම් අප බොහෝ කලක සිට දන්නා බව සැඟවිය නොහැකි කරුණකි. ගංවතුර ඊටත් වඩා හොඳින් අපට සමීප අත්දැකීමකි. සුළි සුළං ඉඳහිට වුව ආපදාවන් ඇති කරන බව අපි දනිමු. මෙලෙස හොඳින් දන්නා ආපදා අවම කරගැනීම උදෙසා අප ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන ඇත් දැයි යන්න ගැටලුවකි. දිනෙන් දින වර්ධනය වන නාය ආපදා නිසා අනතුරට පත් වන ජනතාව ද ප්‍රමාණාත්මකව වැඩි වෙයි. අධි අවදානම් කලාප ඇතුළු මිනිසාට ජීවත් වන්නට අයෝග්‍ය භූමි හඳුනාගෙන ඇති මෙවැනි කලෙක ජන