Posts

Showing posts from September 13, 2017
විදුපත් ඉරුව 2017 අගෝස්තු 30 බදාදා 2017 මැයි 26 වැනිදා අපේ රටට සුභ දායක දිනයක් වූයේ නැහැ. නිරිත දිග මෝසම හේතුවෙන් දින කිහිපයකට කලින් වැසි සමය ආරම්භ වූවත් හිරිපොද වැටෙමින් පැවතුණි. එදිනම සවස් වරුවේ ද මේ තත්වය එසේම තිබුණි. නමුත් රාත්‍රිය වන විට තත්වය කණපිට පෙරළෙන්නට පටන් ගති. මහා වැසි ඇදහැලෙන්නට පටන් ගත් අතර ස්වයංක්‍රිය වර්ෂාමාන වල පාටංක බලා සිටිද්දී වැඩි වෙන්නට පටන් ගත්තේය. ඉතා සුළු වේලාවකදී වර්ෂාපතන අගයන් මිමි 300 ඉක්ම වූ අතර කළුතර, මාතර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල මෙම තත්වය වඩා ප්‍රමුකව තිබු බවට වාර්තා විය. මේ තත්වය මෝසම හේතුවෙන් ඇති වූ අසාමාන්‍ය කාලගුණික තත්වයක් බව පැහැදිළි විය. එය ශ්‍රී ලාංකික ආපදා ඉතිහාසයේ තවත් අඳුරු දිනයක් බවට පත් විය. වඩා දරුණු තත්වයක් නිර්මාණය වුයේ මේ සමගම මහා වැසි හේතුවෙන් අධික ගංවතුර තත්වයක් ඇති වීමයි. මෙම ආපදා තත්වය ඇති වී මාස කිහිපයක් ගත වී ඇති නමුදු පශ්චාත් ආපදා විමර්ශනයක් කල යුතු යයි මට හැඟෙ. එනිසා දැනට සිදුකර ඇති අධ්‍යනයන්ට අනුව මේ සඳහා වූ හේතු ප්‍රත්‍යන් කවරේදැයි විමසා බැලිය යුතුය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පශ්චාත්