Posts

Showing posts from June 25, 2018
විදු පත් ඉරුව 2015.09.23 ශ්‍රී ලංකාව දූපතක්‌ ලෙස පැවතීම බොහෝ වාසි ගෙන දෙන්නක්‌ වුව ද ඒ නිසා ම අකරතැබ්බවලට ලක්‌ වන අවස්‌ථා ද නැත්තේ නො වේ. අවට කලාපයේ ඇති වන විවිධ විපර්යාසයන් නිසා සුනාමි, තද වැසි, භූ කම්පා ආදියට අප රට මුහුණ පායි. එපමණක්‌ නො වේ. වායුගෝලයේ සිදු වන විපර්යාසයන් aහේතුවෙන් ඇති වන සුළි කුණාටුවලට අප වරින් වර මුහුණ දෙන්නේ ඒ හේතු කොටගෙන ඇති වන දරුණු කාලගුණික තත්ත්වයන්ට ද හසු වෙමිනි. වසර අවසාන සමයේ ශ්‍රී ලංකාව අවට සුළි සුළං තත්ත්ව වර්ධනය වීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇති නිසා මේ සම්බන්ධව සාකච්ඡා කිරීම කාලීන අවශ්‍යතාවක්‌ ලෙස හඳුනාගත හැකි ය. සමකාසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට බලපාන මෙවැනි සුළි කුණාටු නිර්මාණය වන්නේ ප්‍රධාන කොට ම අරාබි මුහුදේ සහ ඉන්දියන් සාගරය ද, එහි බෙංගාල බොක්‌ක ප්‍රදේශයේ ද ඉහළින් වූ වායුගෝලයේ ඇති වන සංකුලතා හේතු කොටගෙන ය. සුළි කුණාටුවක්‌ යනු කුමක්‌ ද? වායුගෝලයේ ඇති වන අවපාත තත්ත්වයන් හේතු කොටගෙන ඇති වන ඉතා වේගයෙන් කරකැවෙන වායු ධාරාවන් ලෙස සුළි කුණාටු හැඳින්විය හැකි ය. මේ සුළි කුණාටුවල මධ්‍යයේ අවපීඩන තත්ත්වයකි. බොහෝ විට සර්පිලාකාර අකුණු