Posts

Showing posts from January 24, 2017
විදු පත් ඉරුව 20 17 ජනවාරි 18 බදාදා ෆොසිල ඉන්ධන සොයාගැනීමත් සමග රාත්‍රිය ආලෝකවත් වූ බව අපි සැවොම හොඳින් දනිමු. එය වඩාත් තීව්‍ර කරමින් ෆොසිල ඉන්ධන විදුලි බලාගාර බිහි වුණු අතර පසුකාලීනව එමගින් ඇති වූ පාරිසරික දූෂණය නිසා හරිත තාක්‌ෂණය කෙරෙහි අවධානය යොමු විය. විදුලි උත්පාදනයේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් ජල විදුලි තාක්‌ෂණයෙන් විදුලිය උත්පාදනයට යොමු වූයේ පාරිසරික බලපෑම් අවම වන්නේ යෑයි උපකල්පනය කරමින් බව ඉතා මැනැවින් පෙනී යන කරුණකි. හොඳින් විපරම් කිරීමේ දී මෙරට පිළිබඳව නම් එය සත්‍යයක්‌ ද යන්න අපැහැදිලි බව පෙනී යයි. එසේ සිතීමට බොහෝ කරුණු කාරණා ඇත. අද වන විට මෙරටෙහි බොහෝ ගංගාවල ද ඔයවල ද නිදහස්‌ ගලනයට මේ ජල විදුලි බලාගාර ව්‍යාපෘති බාධාවක්‌ වී ඇති බවට දෙස්‌ දෙවොල් තබනු අසන්නට ලැබේ. කිසියම් හෝ එවැනි ජල පහරක්‌ සැලකූ විට මුහුදට යැමට පෙර අවම දෙතුන් වතාවකට වත් එහි ජලය වේලි මගින් හරස්‌ වී බට තුළින් යෑවීමට සිදු වී ඇති බව නොරහසකි. මේ සැම අවස්‌ථාවක ම වේලි තැනීමේ දීත් අනෙකුත් යටිතල පහසුකම් ගොඩනැගීමේ දීත් නිරන්තරයෙන් ම අවට පරිසරයට හානි සිදු වේ. මේ සදහා බොහෝ උදාහරණ ඇත. ව්‍යාපෘතියේ
Image
පාෂාණ අතර සිර වූ ප්‍රාග් ජීවය භූ පරිසරය තුළ හමු වන පැරැණි ජීවීන් ගේ පාෂාණිභූත වූ සාක්‌ෂි "ප්‍රාග් ජීව ධාතූන්" (fossil) ලෙස හැඳින්වේ. මෙවැනි බොහොමයක්‌ සාධක හමු වන්නේ භූ පරිසරයේ තිබෙන අවසාදිත පාෂාණ සහ අවසාදිත තුළ වන අතර සමහර ඒවා ධ්‍රැවාසන්න හිම තුළ සුරක්‌ෂිත වී ඇත. මේ සාධක භූ විද්‍යාඥයන් ගේ නිතැතින් ම ඇස ගැටෙන, අවධානයට යොමු වන පාෂාණමය ද්‍රව්‍ය වේ. මේ "ප්‍රාග්ජීව ධාතූන්" ගැන විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම "ප්‍රාග්ජීව ධාතු විද්‍යාව" (Paleontology) ලෙස හැඳින්වේ. භූ විද්‍යා ඉතිහාසයේ මුල් ම අධ්‍යයන කාලය දක්‌වා ම දිව යන මේ විෂය, ක්‍රිස්‌තු පූර්ව 5 වැනි සියවසේ දී "සිනොෆෙනිස්‌" (Xenophanes) නැමැත්තා තම පොත්පත්වල මේ පිළිබඳව සඳහන් කළ බව වාර්තා වේ. භූ විද්‍යාවේ මනරම් අනු විෂයයක්‌ වන ප්‍රාග් ජීව ධාතු විද්‍යාව කිසියම් ප්‍රමාණයකට ජීව විද්‍යාව හා බැඳී පවතින අතර පසුකාලීනව "භූ ජීව විද්‍යාව" (geobiology) බිහි කිරීමට ද පුරෝගාමී වෙයි. වසර මිලියන 3800ක්‌ තරම් වූ ඈත අතීතයේ බිහි වූ අණුක ජීවය ගැන ද මානව ආරම්භය දක්‌වා වූ කාලයේ විකසනය වූ, පාෂාණ අවසාද