Posts

Showing posts from March 27, 2020
මොකක්ද මේ කොරෝනා? This article is originally published on Divaina, 27.03.20 20 . කොරෝනා වෛරසය මගින් ඇතිවන්නා වූ රෝගය හඳුන්වන්නේ COVID-19 ලෙසයි. එය ඇතිකරන වයිරසය හඳුන්වන්නේ SARS-CoV-2 (Severe Acute Respiratory Syndrome Coronavirus 2) ලෙස බව කීයෙන් කී දෙනෙකු නිසි ලෙස දන්නේ දැයි කිව හැකිද? මේ සඳහා හේතුවන්නේ වෛරස නාමකරණයේ සොබාවය අනුවයි. ඒ සඳහා යොදාගන්නා විද් ‍ යත්මක ක් ‍ රමවේදය අනුව එම වෛරසයට එම නාමය ලැබී තිබේ. කොරෝනා කල කලබලය කෙසේ වෙතත් මේ කරදරකාරී වෛරසය ලෝකය පුරා ඇතිකර ඇති කලබලය නිසා බොහෝ දෙනෙකු වල්මත් වී ඇතිබව පැහැදිළිය. බොහෝ රටවල් මේ වනවිටත් මෙම රෝගය නිසා හෙම්බත් වී ඇති බවත් දරුණු ලෙස යම් යම් අපහසුතාවයන්ට ලක්වී ඇති බවත් පැහැදිළිව පෙනී යන කරුණක්. ඉතාලිය මේ වනවිට ඉතා අසීරු තත්වයට පත් වූ රටවලින් එකක්. චීනය කෙසේ හෝ මෙම ආපදාවෙන් ගැලවෙන්නට සමත්වී ඇති බව පෙනී යයි. ඔවුන් පවසන ආකාරයට මේ වන විට නව රෝගීන් වාර්තා නොවන තරම්ය. එයින් පැවසෙන්නේ රෝගයේ ව් ‍ යාප්තිය සිමා වී ඇති බවයි. මාර්තු මාසයේ විසිවන දින වන විට රටවල් 159 ක මෙම තත්වය වර්ධනය වී ඇති බව අලුත්ම වාර්තා පවසයි.