Posts

Showing posts from March 5, 2018
විදු පත් ඉරුව "සීගිරියේ කුරුටු ගීත ලස්‌සනයි"...ගීතය ඇහෙන කොට ම අපේ හිත නිතැතින් ම සීගිරියට දිව යනවා. ලංකාවේ තියෙන ලෝක උරුමවලින් එකක්‌ වන්නේ සීගිරියයි. වියළි කලාපයේ පිහිටි අති විශාල හුදකලා කන්දක්‌ මත ඉදි වූ මේ අපුරු නිර්මාණය හෙළ කලාකරුවන් ගේ විස්‌මයජනක ශිල්පීය කුසලතාවන් කියාපානවා. ඒ විතරක්‌ නො වෙයි එයට යටින් දිවෙන තාක්‌ෂණික ප්‍රවීණතාව සහ නවමු බව කදිමට පෙන්නුම් කරනවා. සිගිරිය ප්‍රසිද්ධ වෙන්නේ කරුණු දෙකක්‌ නිසයි. ඒ චිත්‍ර සහ කුරුටු ගීත සඳහා. තෙත් හුණු බදාමයක්‌ මත සිගිරි චිත්‍ර නිර්මාණය කර ඇති බව කියවෙනවා. සීගිරිය වසාගෙන මේ චිත්‍ර පැවැති බව සිතිය හැකි වුවත් අද ඉතිරි ව ඇත්තේ කුඩා ශිලා කුහර කිහිපයක ස්‌වභාවයෙන් ම සංරක්‌ෂිත වූ චිත්‍ර කොටස්‌ කිහිපයක්‌ පමණයි. කුරුටු ගීත සහිත කැටපත් පවුර පසුකාලීනව මේ චිත්‍ර බලන්න ආපු අය ගේ කවි සිතිවිලි ප්‍රකාශ කරන්න ඉඩ දුන්න තැනයි. නමුත් නිසැකව ම මෙය කුරුටු ගී ලියන්න ඉදි කළ පවුරක්‌ ද යන්න විවාදාත්මකයි. කෙසේ වෙතත් මේ දෙක ම නැතිනම් සිගිරියේ වටිනාකමක්‌ නැහැ. පත් ඉරුවෙන් අද දිගහැරෙන්නේ කුරුටු ගීත ලියවුණු කැටපත් පවුර හා සම්බන්ධ වූ කතාවක්‌. පස