Posts

Showing posts from September 9, 2019
විදුපත් ඉරුව 10.05.2017 පරිසරය නිරතුරුව වෙනස්‌ වෙයි. සතුන් ද ගහකොළ ද පරිණාමයට ලක්‌ වෙයි. මිනිසා ද පරිණාමයට ලක්‌ වෙයි. එනිසා සමාජ සංස්‌කෘතීන් ද පරිණාමයට ලක්‌ වෙයි. එම පරිණාමය මෙකල්හි 'විපරිණාමයක්‌' නො වන්නේ යෑයි කාට කිව හැකි දැයි අපි නො දනිමු. සංස්‌කෘතීන්හි පරිණාමය විපරිණාමයක්‌ වූ කල්හි මිනිස්‌ සංහතියේ විනාශය සනිටුහන් කරන බව අමතක නො කළ යුතු ය. පවතින පරිසරයට එරෙහි ව යන කල යම් සංස්‌කෘතියක්‌ වැඩි කල් නො පවතින බව සමාජ මතයයි. මුල් බැසගත් සමාජ නිර්මාණ යම් සමාජයක්‌ ස්‌ථාපනය කරන්නටත් එය මෙලොවින් තුරන් කරන්නටත් ඇතැම් විට සමත් වෙයි. ආගමක්‌ අවැසි වන්නේ සමාජය හික්‌මවන්නට බව පැවැසේ. සැම ආගමක්‌ ම එසේ නොමැති යෑයි ඔබ තර්ක කරන්නට පුළුවන. ඒ කෙසේ වුවත් 'හික්‌මවීම' යන්න පවා බොහෝ සාපේක්‌ෂ බව පැවසිය යුතු ය. පවතින සමාජය තුළ හෝ බිහි වන නව සන්දර්භයන් හමුවේ විවිධ අරමුණු සමාජගත වන්නේ විවිධ ආකල්ප හරහා බව පෙනී යයි. බෞද්ධාගම වැළඳගත් අපේ පැරැණි මිනිසුන් ඒ පාදක කරගෙන අපූරු සංස්‌කෘතියක්‌ බිහි කර ඇත්තේ ය. සාමය ද, අහිංසාව ද ප්‍රමුඛ කරගත් ඒ සමාජය කරුණාව ද මෛත්‍රිය ද තම මා