Posts

Showing posts from September 14, 2017
විදුපත් ඉරුව 2017 සැප්තැම්බර් 13 බදාදා නිරිතදිග මෝසම ඉවර වුනා විතරයි. තාම අපි කාටවත් හුස්මක් කටක් ගන්න ලැබුනේ නැහැ. මෙන්න ආයෙත් වහින්න පටන් අරන්. පසුගිය මැයි මාසේ වෙච්ච ආපදා නිසා බොහොමයක් දෙනා දැඩි අසීරුතාවයට පත් වෙලයි ඉන්නේ. “මේ ගමන මෙච්චර වහින්න පටන් ගත්තේ බෙන්ගාල බොක්කේ ඇතිවූ කලබැගෑනියක් නිසා කියලයි කාලගුණ ඇත්තෝ කියන්නේ”. ඉරිදා උදේම ගමට ගිය වෙලාවේ අහම්බෙන් වාගේ සුටි ගමරාළ මාමා මුණගැහුනාම කිව්වේ. “ඒ මදිවට ‘හෙණ ගෙඩි’ පාත් වෙන්නත් පටන් අරන්. හරියට බක්මහේ අකුණු ගහනවා වාගේ. හදිසියකට එළිපහළියට බැහැ ගන්නවත් විදියක් නැහැ නොවැ”. බක්මහ කියන්නේ අප්‍රේල් මාසය නේ. ඒ කාලේ ඇතිවන අන්තර් මෝසමේ විශේෂත්වය තමයි ඇඟ කිලිපොලායන, බල්ලෝ බළලු පවා ඇඳ යට හැන්ඟෙන අකුණු ගැහිල්ල. පුංචි දවස්වල නං කිව්වේ දෙයියන්ගේ දරුවෝ බෝල ගහනවා ඒකයි මේ සද්දේ කියලා. විදුලි කෙටිල්ලත් අකුණු ගැහිල්ලත්   නිවුන් සහෝදරයෝ වගෙයි. මේ දවස්වල විශේෂයෙන්ම රාත්‍රියට වහින වෙලාවට අහස දිහා බලා හිටියොත් ඔන්න අහසේ කෙරුවාව බලා ගන්නට පුළුවන්. කළුවර අහස ඉරිතලා පුපුරා යනවා වගේ පෙනෙන මේ විදුලිය විටෙක ළඟ වාගේ පෙනුනට අකුනේ හඬ ඇහෙන්නට ගතව