Posts

Showing posts from September 10, 2018
විදු පත් ඉරුව 24.02.2016 කුඩා කාලයේ අපි "හීන් සැරය" කියවා ඇත්තෙමු. අලින් ගැනත්, අලින්ට වන අකරතැබ්බ ගැනත් එයින් දැනගත්තෙමු. දැවැන්තයකු වුවත් කුඩා කටුස්‌සා ඉදිරියේ කෙතරම් අසරණ වන්නේ ද යන්නත්, ඇඟපතේ ශක්‌තියට වඩා මොළයේ ශක්‌තිය කෙතරම් ප්‍රබල ද යන්නත් අපි ඉන් ඉගෙනගත්තෙමු. කෙසේ වෙතත් හීන් සැරය කුඩා ළමයින්ට වන පරිසරය ගැනඉගෙන ගැනීමට ද උපකාරී වන ඉතා කදිම කතාන්දරයකි. හීන් සැරයේ විස්‌තර කෙරෙන්නේ අලින් ගේ කෙරුවාව ය. මෙවර විදුපත් ඉරුවෙන් කියන්නට යන්නේ ද අලින් ගේ ඉතා සුවිශේෂී කෙරුවාවක්‌ ගැන ය. අලියෝ පස්‌ කති. ලංකාවේ අලින්ට ද මේ කතාව අදාළ ය. උඩවලවේ වෙසෙන අලි මේ සදහා රුසියෝ වෙති. දශක දෙකක පමණ කාලයක සිට මෙරට පර්යේෂකයෝ මේ පිළිබඳව උනන්දුවෙන් පසු වෙති. නිරීක්‌ෂණවලින් වාර්තා වන්නේ අලින් මේ සදහා තම අඩවියේ සුවිශේෂී ස්‌ථාන තෝරාගෙන ඇති බවයි. තෙතමනය සහිත ස්‌ථාන ඒ අතර සුවිශේෂී වේ. තම පාදයෙන් ඇන පස්‌ කඩා හොඬයෙන් ගුලි කර තම මුව තුළට ඉතා කදිමට ඔබාගනී. අලින් ලිංග භේදයකින් තොර ව මේ කාරියේ යෙදෙන බව ය වාර්තා වන්නේ. අලි ලුණු කෑමට ඉතා ප්‍රිය කරතිs. ඔවුහු ස්‌වාභාවිකව ලුණු පවති