Posts

Showing posts from December 10, 2019
කණ්ඩි කඩා වැටීම පිළිබඳව ඔබ සැලකිලිමත් ද..??? මේ දිනවල පව්පවතින අධික වර්ෂාව අපගේ එදිනෙදා ජීවිතය අවුල් කරන බව පුදුමයට කාරණයක් නොවෙයි. ඉස්සන් දින මෝසම නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශයට වර්ෂාව ලැබෙමින් තිබේ. එනිසාම උතුරු නැගෙනහිර මුහුණතේ තියෙන කඳුකර ප්‍රදේශවලට ආපදා තත්වයක් උද්ගතවෙලා තියෙනවා. එහෙම නැතිනං ඉදිරියේදී එවැනි තත්වයක් උද්ගත් වීමට පහැකියාව තිබේ. තත්වය මෙසේ තිබියදී දිනයේ සැම පැයකම (පැය 24 පුරා) අවදියෙන් සිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය පූර්ව අනතුරු ඇඟවීම් සිදුකරමින් සිටි. නිකුත් කරන අනතුරු ඇඟවීම් වලට ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත් කාරණයක්.  කොහොම වුනත් කාලගුණ අනාවැකි පැවසීම නම් ඉතා අසීරු කරුණක් බව පැහැදිලියි. ඉතා සිඝ්‍රයෙන් ක්ෂණයකින් වෙනස්වන සුළං සහ වැසි තත්වයන් පුරෝකථනය ඉතා උගහටයි. මධ්‍ය කඳුකරය පුරා සවිකර ඇති ස්වයංක්‍රිය වර්ෂාමාන දෙසියපනහකට ආසන්න ප්‍රමාණයක් මගින් ලෑබෙන තත්කාලීන වර්ෂා දත්ත පදනම් කරගෙන   ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය අනාවැකි පවසන අතර කඳුකරයේ වෙසෙන නාය අධි අවදානම් කලාප වල වෙසෙන ජනතාවගේ අවධානය පිණිස වෙයි.  මේ තාක් සිදුකර ඇති භුමි පරිහරණ රටාවේ වෙන