Posts

Showing posts from December 17, 2018
විදු පත් ඉරුව 20.04.2016. බොන්නට තැබූ ජල බඳුනේ කොණ්‌ඩ කුරුල්ලෙක්‌ ගිනි මද්දහනේ බැහැගෙන නානවා. උන්ටත් මේ දිනවල තියෙන දාහය දරන්න බැරුව ඇති. සතා සිවුපාවට විතරක්‌ නො වෙයි අපි හැමෝටමත් මේ දිනවල පවතින දාහය දරාගන්න අමාරුයි. සිංහල අවුරුද්ද මේ දාහය අස්‌සෙම ගෙවිලා ගියාට තියෙන රස්‌නය නම් දැන් ම ගෙවෙන පාටක්‌ නෑ වගේ. වෙන දා වහින බක්‌ මහේ වර්ෂාවටත් බැරි උනා මේ දාහය නිවාලන්න. ශ්‍රී ලංකාව වගේ සමකය ආසන්න රටවලට තමයි මේ තත්ත්වය ප්‍රබලව බලපාන්නේ. 2015 වසර ගෙවුණේ මේ තත්ත්වය ඇති කරගෙන. මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් සිතුවට 2015 උණුසුම් ම වර්ෂය වෙයි කියලා 2016 දී ලෝක උණුසුම තවත් වර්ධනය වෙයි කියලයි ඔවුන් දැන් අනුමාන කරන්නේ. අපි හොඳින් ම දන්නව නේ සූර්යයා තමයි අපිට ශක්‌තිය ලබා දෙන්නේ කියලා. අපව උණුසුම් කරන්නේත් සූර්යයා. එපමණක්‌ නො වෙයි ලෝකයේ පැවැත්ම තීරණය කරන්නෙත් සූර්යයා. හැබැයි මේ දිනවල පවතින උණුසුම ඇති කරන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ නම් "එල් නිනෝ" නම් ක්‍රියාවලියක්‌. දැනටමත් මේ නම අහලා ඇති. ඔබ දන්නව ද එල් නිනෝ ක්‍රියාවලිය (ආචරණය) හටගන්නේ කොහොම ද කියලා. මෙය බැලූ බැල්මට බොහොම ස