Posts

Showing posts from July 9, 2019
විදුපත්ඉරුව 03.08.2016 "මහත්තයෝ මේ තියෙන්නේ පුෂ්පරාගයක්‌" මුළු ශරීරය පුරා ම මඩ තවරාගත් ගැමියකු වෙරළු ගෙඩියක්‌ තරම් විශාල වූ තරමක්‌ කහ පැහැගත් ගල් කැටයක්‌ තම සාක්‌කුවෙන් ගෙන මා හට පෙන්වා පැවසුවේ බුලත් කහට රැඳුණු දත් විලිස්‌සමින්, තම මුහුණේ අපූරු සිනාවක්‌ ද මතු කරමින් ය. "මේකේ තියෙන ඔය පුංචි පලුද්ද නො තිබුණා නම් හොඳ මිලක්‌ ගන්න තිබුණා". අහසට යොමු කර ඉර එළිය කදම්බයක්‌ ගල් කැටය විනිවිද යවන්නට කැසකවමින් සිටි මා හට ද තරමක්‌ අයිනකින් වූ පලුද්ද දැකගන්නට හැකි විය. "ඕකට ඕන්නං රුපියල් තිස්‌ දාහක්‌ විතර හම්බ වෙයි. පතලේ වියදම පියවෙන්න වත් මදැයි ඔය". ඒ 2003 අවුරුද්දේ අවසාන භාගයයි. හල්දුම්මුල්ල මාලදොල ප්‍රදේශයේ මැණික්‌ ඛනිජ පිළිබඳ ගවේෂණයක යෙදෙමිනි මා සිටියේ. ඒ වන විටත් වියළී තිබුණු, ගම හරහා ගලා ගිය දිය පහරක මධ්‍යයේ භූගත උමං හාරමින් වටිනා මැණික්‌ සම්පත් ගොඩ දැමීමට එගම වැසියන් වැර දරමින් සිටි අවස්‌ථාවක ය මා හට මේ කදිම මිනිසා මුණගැසුණේ. "මහත්තයෝ මෙහෙ දැන් මැණික්‌ නැහැ. තියෙන ඒවා ඔක්‌කොම මැරිලා. මීට අවුරුදු ගණනාවකට කලින් නං වෙළෙන්දෝ ගල්