Posts

Showing posts from July 22, 2019
විදුපත් ඉරුව 26.10.2016 කාලයක්‌ ගත වී නමුත් තවමත් බොහොමයක්‌ දෙනාට 2004 සුනාමියෙන් ලද අත්දැකීම් අමතක වෙලා නැති ව ඇති. ඒ පිළිබඳ කිසිත් නො දැන සිටි අපට, අලුත් වගේ ම ඉතා ම දුක්‌මුසු අත්දැකීමක්‌ අරන් ආව ඒ සුනාමිය වෙරළබඩ පරිසරය කණපිට පෙරළුවා කීවොත් නිවැරැදියි. වෙරළ තැන්නක්‌ වීම එහි විසූ බොහෝ දෙනකුට අවාසනාවන්ත තත්ත්වයක්‌ උදා කරන්නට හේතු වුණා. එහෙත් වෙරළෙහි වූ බොහෝ උස්‌බිම් බොහෝ ජනයා ගේ ජීවිත බේරා දෙමින් සිදු කළ මෙහෙය නම් කියා නිම කළ නොහැකියි. විවිධ හේතුන් නිසා වෙරළෙහි ස්‌වාභාවික පැවැත්මට හානි සිදු වී ඇති බව අප පිළිගත යුතුයි. වෙරළේ උස්‌බිම් තුනී කිරීම විශාල ගැටලුවක්‌ බව අප තේරුම්ගත යුතුයි. වෙරළේ උස්‌බිම් නිර්මාණය වන්නේ ආකාර කිහිපයකටයි. පිහිටි පාෂාණයේ ජීර්ණ විෂමතා නිසා බලෙන් මෙන් වෙරළේ ඉදි වූ කදිම පාෂාණ බැමි මෙහි එක්‌ ආකාරයක්‌. පිටින් පිට පහර දුන්නත් මුහුදු රළට මෙවැනි උස බිම් නම් කවරදා වත් බිම හෙළිය හැකි වන්නේ නැහැ. නැත හොත් කොපමණ උත්සාහ කළත් දිය කළ හැකි වන්නේ නැහැ. ශීත යුගයේ වෙරළබඩ ආසන්නයේ අධික වියළි සුළං දහරා නිසා බිහි වූ වැලි කඳු කදිම ආරක්‌ෂාකාරී බාධකයක්‌ බව