Posts

Showing posts from January 25, 2017
විදු පත් ඉරුව 20 15  ඔක්‌තෝබර් 21 බදාදා කාලගුණ විපර්යාසයන් නම් මහ ම හිසරදයකි. කෙලෙසක හෝ ඉතා දරුණු හානි සිදු කර මිනිස්‌ ජීවිත සහ දේපල අනතුරේ හෙළන්නට ඒ සමත් ය. මේ, මිනිසා ස්‌වාභාවික පරිසරය ජයගැනීම උදෙසා කළ මෙහෙයුම්වල අතුරු ප්‍රතිඵලයන් ය. සැමට ම සැම විට ම කාරුණික වූ පරිසරයට රිදවීම නම් කොහෙත් ම කළ යුත්තක්‌ නො වේ. මන්ද යත් බිත්තියක වැදී පොලා පනින්නා වූ රබර් බෝලයක්‌ සේ එහි පලවිපාක අප වෙත ම එන බැවිනි. එහෙත් තවමත් බොහෝ පිරිසක්‌ මේ බව අවබෝධ කරගෙන නොමැති බව පෙනී යයි. එසේ හෙයින් දෝ දිනෙන් දින පරිසරයට සතුරු වූ කටයුතු නිරතුරුව සිදු වෙමින් පවතී. එහෙත් විද්‍යා ක්‌ෂේත්‍රයේ පර්යේෂකයෝ මේ පිළිබඳව අවදියෙනි. ඔවුහු වර්තමානයේ සිදු වන්නා වූ පාරිසරික වෙනස්‌කම් මොනවා ද යන්න ග්‍රහණය කරගනිමින් තම පර්යේෂණ සිදු කරති. එසේ පර්යේෂණ සිදු කළ පර්යේෂකයන් ගේ සොයාගැනීම් පිළිබඳ වූ කදිම විද්‍යාත්මක සාකච්ඡාවක්‌ පසුගිය සතියේ පැවැත්විණි. එය "හරිත අනාගතයක්‌ උදෙසා දැනුම් හුවමාරු කිරීම" තේමාව වූ විද්‍යාත්මක ශාස්‌ත්‍රීය සම්මන්ත්‍රණයකි. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ "වන හා පරිසර විද්‍යා