Posts

Showing posts from August 16, 2019
Image
ජෛවචුම්භකත්වය මගින් පාර සොයන ක්ෂුද්‍රයෝ....!! බැක්ටීරියාවන් ප්‍රාථමික ජීවින් කොට්ටාශයක් වුවත් අපූරු හැසිරීම් ඇත්තවුන් බව පෙනී යනවා. ඔවුන්ගෙන් සමහර විශේෂ පාර සොයාගන්නට භූ චුම්භකත්වය භාවිතයට ගනු ලබන බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි. ඔක්සිජන් තියෙන ඉස්සව්ව නිවරදිව හඳුනාගන්න තමයි ඔවුන් මේ උපක්‍රමය භාවිතා කරන්නේ. මේ සඳහා ඔවුන්ගේ දේහයන්වල තියෙනවා විශේෂ ඉන්ද්‍රියයක්. ඒක හඳුන්වන්නේ චුම්බසෝම ( magnetosomes ) නමින්. මේ ඉන්ද්‍රියය තුල මැග්නටයිට් (යකඩ ඔක්සයිඩ) සහ ග්‍රිගයිට් (යකඩ සල්ෆයිඩ) නම් ඛණිජ අඩංගු වෙනවා. ‘චුම්භසංචරිත’ ( Magnetotactic ) බැක්ටීරියාවන් ලෙස හඳුන්වන්නට හැකි මේ ක්ෂුද්‍රයන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන්ගේ දේහයන් තුල ඉහත කි ඛණිජයන් නිපදවන්නට හැකි වීමයි. මේ පිළිබඳව මුලින්ම ලෝකයට නිරාවරණය කලේ 1975 දී.
විදු පත්ඉරුව 18.02.2017 විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන විද්‍යාත්මක සොයාගැනීම් නිසා ලෝකය නිරතුරුව ම විචිත්‍රවත් වෙයි. පසුගිය ජනේරුවේ අග භාගයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයන් දෙදෙනකු විසින් සිදු කරනු ලැබූ සොයාගැනීමක්‌ නිසා විද්‍යා ලෝකය මේ වන විටත් ආන්දෝලන්ත්මක කතා බහක නිරත වෙමින් සිටියි.'ලෝහමය හයිඩ්‍රජන්' යනු මෙතුවක්‌ කල් විද්‍යාඥයන් අතර සිහිනයක්‌ ව තිබූ කල්පිත පදාර්ථමය අවස්‌ථාවක්‌ වේ. දැන්, හාවර්ඩ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය අයිසැක්‌ සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස්‌ යන දෙපළ විද්‍යාත්මක පත්‍රිකාවක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ ඔවුන් ලෝහ හයිඩ්‍රජන් නිපදවන්නට සමත් වූ බවයි. මේ පිළිබඳ පර්යේෂණ කරන මෙන්ම නිරන්තර අවදියෙන් සිටින බොහෝ විද්වතුන් ගේ අවධානයට ලක්‌ වූ මේ පත්‍රිකාව සමහර ගැටලු නිසා තරමක්‌ විවේචනයට ලක්‌ වුව ද බොහෝ දෙනකු ගේ පැසසුමට ලක්‌ වී තිබේ. අප දන්නා පරිදි හයිඩ්‍රජන්, ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍යය වේ. සොබාවික පරිසරයේ දී වායුවක්‌ ලෙස හැසිරෙන මේ මුලද්‍රව්‍යය ද්‍රවයක්‌ කිරීමට නම් අධික සිසිලනයකට ලක්‌ කළ යුතු වන අතර එම උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක