Posts

Showing posts from April 23, 2021
  අභාවයට යන පුලතිසි ශිලා උරුමය භූ සංචාරය 48 This article is originally published on Vidusara. ශ්‍රී ලංකාවේ අතී තයේ   නිර්මාණය කරන ලද පාෂාණ නිර්මිත බොහොමයකි. අනුරාධපුර සහ පොළොන්නරු යුග වලදී පමණක් නොව මහනුවර යුගයේ දී පවා මෙවන් වූ පාෂාණ නිර්මිත කරවන ලද බව පෙනී යයි. සමාධි පිළිමය ඇතුළු බොහොමයක් පාෂාණ නිර්මිත මෙකල්හි ඇත්තේ කාලයක් තිස්සේ සිදුවන සොබාවික ජීර්ණ ක්‍රියාදාමයට නතු වෙමින් විනාශ මුඛයට යමිනි. මෙළොව පවතින කිසිම දෙයකට නොගලවිය හැකි ක්‍රියා දාමය වන්නේ ජීර්ණ ක්‍රියාවලියයි. එනිසා එය නැවතිය නොහැක. හැක්කේ පමා කිරීම පමණකි. සොබාවික පරිසරයේ සොබාවික තත්වයන්හි පවතින මෙවන් වූ අතීත මිනිසුන් විසින් නිර්මාණය කරන ලද පාෂාණ නිර්මිත ද මේ වන විට පවතින්නේ පාෂාණ ජීර්ණ ක්‍රියාදාමයට ලක් වී බව අමතක නොකළ යුතුය. බොහෝදෙනෙකු සිතන පරිදි කළුගලින් කරන ලද මෙම පිළිම ඇතුළු අනෙකුත් ගෘහ නිර්මාණ අනාදිමත් කාලයක සිට හොඳින් පැවතියත් මෙම පාෂාණ සොබාවික පරිසරයට නිරාවරණය වූ දා පටන්ම තම ජීර්ණ ක්‍රියාවලිය පටන් ගෙන තිබේ. එනිසා එළියට පෙනෙන පරිදි දැඩි ගතියකින් සහ බොහෝ කාලයක් පවතින සේ පෙනුනත් ඇත්තෙන්ම මෙම පාෂාණ නිර්මිත විනාශ මුඛයට