Posts

Showing posts from February 25, 2020
මන්නාරමේ අනවහිරත වාලුකා ජල නිධි රැකගත යුතුයි පත්මෙගේ භූ සංචාරිතය 07 This article is originally published on Vidusara, 19.02.2020. පිටි වැල්ලෙන් (fine sand) නිමැයුනු මන්නාරම් දූපත අලංකාර භූමියක්. ගිනිගහන අව්ව වැටෙන දහවල නම් කාන්තාරයක් සිහිකරවන තරම් වූ මේ දූපත තැනී ඇත්තේ දකුණේ සිට ගලා ආ දිගු දුර දිය වැල් (long shore currents) සමග ගසාගෙන ආ, පසුව අතීතයේ එක්තරා කලෙක වූ කාලගුණික විපරියාසයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අධික සුළං ධාරා නිසා අවසාදනය වූ ඉතා සියුම් වැල්ලෙන්. අසමව වැටෙන ගිනි ගහන අව්ව ඇති කරන සංවහන ධාරා දහවල සාගරය පිසගෙන ගොඩබිමට ගෙන එන්නේ සිහිල් සුළඟක්. කපුටන් කෑ ගසා කියනා කරවල වේලන්නන්ගේ දුක්ඛිත කතන්දරේ නම් එහි යන සියල්ලෝම ඇසිය යුතුමය. කැල්සයිට් (calcite) ඛණිජයෙන් නිර්මාණය වූ බෙල්ලන්ගේ බෙලිකටු වල රටාව ලොකු කුඩා සැවොම අඩුම තරමින් එක බෙල්ලෙක්වත් ඇහිඳින්නට ඔවුනොවුන්ගේ සිත පොලඹවයි. මුහුදේ ලුණු මිශ්‍රිත වතුර නැවත නැවත වෙරළ වෙත ඇදෙන්නේ එයත් සමග එක රැස්වී එකටම වෙරළට එන සියුම් මුහුදු වැල්ල තවත් ඔප මට්ටම් කරමිනි. වැඩි වශයෙන් තේරුණ තිරුවානා වැල්ල (quartz) ජිර්ණයේ කුරිරුකම්