Posts

Showing posts from February 24, 2020
භූ ගත ජලයේ කතන්දරේ.. This article is originally published on Divaina 19th February, 2020. ජලය නොමැති කල මෙලොව ජීවය රැඳෙන්නේ නැත. ආහාර නොමැතිව සති ගණනාවක් වුව ඉන්නට හැකි මුත් ජලය නොමැතිව එලෙස ජීවය පවත්වාගෙන යා හැකි නොවේ. දැන් දැන් එන්න එන්නටම ජල සම්පත් දුලභ වෙන කාලයක් බව අප අමතක නොකල යුතුය. එනිසාම එහි වැදගත්කම ද භූ විද්‍යත්මක පසුබිම ද ඔබ හමුවේ තැබීම සුදුසු යැයි මම සිතමි.  එදිනෙදා ජිවිතයට අතවශ්‍ය වන තවත් භූ විද්‍යත්මක සම්පතකි ජලය. රසායනය ගැන කථාකරන්නේ නම් බොහෝ දේවල් සඳහන් කලහැකි මුත් බොහොම සරලව කියන්නේ නම් විශ්වීය ද්‍රාවකය වන්නේ ජලයයි. එහි බොහෝ දේ දිය වෙන අතර එනිසාම ඉතා පහසුවෙන් ජලය දූෂණය වීමේ හැකියාව ද නැත්තේ නොවේ.  මෙලොව ප්‍රයෝජනයට ගත හැකි ජලය පවතින්නේ ආකාර දෙකකටයි. ඒ මතුපිට ජලය සහ භූ ගත ජලය ලෙසයි. මතුපිට ජලය මෙන්ම භූ ගත ජලය ද ජල ගෝලයේ එක් එක් අවස්ථාවන් වේ. කෙසේ වෙතත් මේ අවස්ථා දෙකම පෝෂණය වන්නේ වැසි ජලයෙන් වන අතර භූ ගත ජලය නිධි ලෙස භූ අභ්‍යන්තරයේ වූ පාෂාණ වල පවතින දැදුරු, කුස්තුර සහ විවරයන් තුල එක් රැස් වී පවතී. වැසි ජලය භූ අභ්‍යන්තරයට කිඳා බැසීම නිසා භූ ගත ජල නි