Posts

Showing posts from March 23, 2017
Image
විදුපත් ඉරුව 2017 මාර්තු 22 බදාදා “ මෙහි නිදන මිනිසා මිනිසුන්ට අසීමිත ලෙස ආදරය කළේය. මිනිස්සුද ඔහුට බෙහෙවින් ආදරය කල හ.” මිනිසුන්ට ආදරය කල මිනිසා නොමිනිසුන් අතින් මියැදුනේ මිනිසුන්ගේ ලෝකයට අපමණ වූ අඩුපාඩුවක් ඉතිරි කරමිනි. ලක්ෂ සංඛ්‍යාත වූ විශ්ව විද්‍යාල දරුවන්ගේ නුවණැස පාදන්නට යද්දී නිරන්තර ගැටළුවක් වූ ආර්ථික ශක්තිය “මහපොළ ශිෂ්‍යත්වය” තුලින් ලබා දෙමින් තම අසීමිත ආදරය මුළු මහත් ශ්‍රී ලංකිකයන්හටම ඔහු පෙන්වා දුන්නේය.   එමෙන්ම ඒ තුලින් ඔහු පෙන්වා සිටියේ එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතා තමාට ලබා දුන් ආර්ථික ශක්තියට කෘතගුණ සැලකීමයි. තම සිත්හි වූ ක්‍ෂුද්‍ර සංකල්පයක් ක්‍රියාත්මක කරන්නට හැකි වීමෙන් තමන් අසීමිතව ආදරය කල මිනිසුන්ට විසල් ප්‍රතිලාභයක් ලබා දෙන්නට සමත් වූ මේ අපූරු මිනිසා වෙන කවරෙකුවත් නොව ලලිත් විලියම් ඇතුලත්මුදලි මැතිතුමායි.   1981 දී ඇරඹි මහපොළ ශිෂ්‍යත්ව වැඩපිළිවෙල අද වන විට අතුපතර විහිදී වැඩුන සාර්ථක ශිෂ්‍යත්ව ක්‍රමවේදයකි. ආර්ථික ශක්තිය අහිමි, ආර්ථික ශක්තියෙන් දුර්වල වූවන් පමණක් නොව අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දස්කම් පානා ඕනෑම අයෙකුට මහපොළ ශිෂ්‍යත්