Posts

Showing posts from August 3, 2021
  03.08.2021 උල්කාෂ්මවල ඇරඹුම අපගේ සුර්යයග්‍රහ මණ්ඩලය ආරම්භ වන්නේ විශ්වය ආරම්භ වී බොහෝ කලකට පසුවය. වසර බිලියන 4.6 කට පමණ පසු අභ්‍යවකාශයේ වූ දූවිලි සහ වායු වලාවක් සංකෝචනය වීමෙන් අපගේ සුර්යයා ඇතුළු ප්‍රමුඛ ග්‍රහ මණ්ඩලය බිහි වූ බව විද්‍යඥයින්ගේ පිළිගැනීමයි. මෙවන් වූ දුවිලි සහ වායු වලාවන් සෙමෙන්   කැරකැවෙමින් පැවතීම එය පැතලි තැටියක් ලෙස අවකාශයේ සකස් කරන්නට හේතු වේ. මෙවන් වූ ව්‍යුහයක් සුර්යය නෙබුයුලාවක් ලෙස හැඳින්වේ. නෙබුයුලාව මධ්‍යයට මෙම දුවිලි සහ වායු වලාවන් සංකේන්ද්‍රණය වීමෙන් තැනින් තැන් ග්‍රහලෝක බිහිකරන්නට සමත් වූ බවත් මාධ්‍යයට එක් වූ හයිද්‍රජන්   වායුව ඒකරාශී වීමෙන් සුර්යයා බිහිකරයි. ක්‍රමයෙන් වැඩිදියුණුවන නෙබුයුලාවේ දුවිලි සහ වායු වලාවන් මගින් මුලින්ම දූවිලිබෝල ඇතිකරන්නට සමත් වේ. මෙම දුවිලි බෝල ලිහිල් ලෙස දුවිලි සහ වායු අංශුන් රඳවා ගනී. නෙබුයුලාවේ සමහර කලාප වල පවතින් මෙම දූවිලිබෝල අධික ලෙස රත්වන්නට පටන් ගනී. එනිසා බොහෝ දේ උණුවීමකට ලක්වන අතර ලෝදිය වැනි ද්‍රවයක් ඇතිකරන්නට සමත් වෙයි. ඒ තුල සිලිකේටයන් ද යකඩ සහ නිකල් වැනි ලෝහ ද අඩංගු වේ. මෙම ද්‍රව්‍ය ක්ෂණිකව සිසිල් වීමකට ලක්වන නිසා