Posts

Showing posts from April 25, 2024
  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු සාගරයේ පවා දැකිය හැකිය. ඒවා සාගරය තුලින් ගලායන ගංගා වැනිය. ඒවා සාගර මතුපිට සිට අභ්‍යන්තරය දක්වා ගලා යයි. එවැනි ජල ගංගාවක් වනුයේ “අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය’ ලෙස හඳුන්වාදෙන ජල සංසරණයයි. මෙමගින් උණුසුම් ජලය උතුරටත් එහි සීතල ජලය දකුණටත් හුවමාරු කරයි. මෙම හුවමාරුව අපි නොසිතන ලෙස ගෝලීය උණුසුම තුලනය කරමින් දේශගුණික විපර්යාසයන් සමනය කරන්නට සහ දක්වයි. මෙම ක්‍රියාවලිය නැවතුණහොත් කුමක් සිදු වේද? එවිට නිවර්තන උණුසුම උතුරට සංසරණය වන්නේත් උතුර අර්ධ ගෝලයේ සිතල දකුණට සංසරණය වන්නේත් නැත. එය ඒ ඒ ප්‍රදේශවල ඒ ඒ තත්වයන් වර්ධනය කරන්නට හේතු වෙයි. නිවර්තන කලාපයේ තවත් උණුසුම් කරන අතර උතුරු ප්‍රදේශය තවත් සීතල කරයි. එපමණක් නොව වර්ෂාපතන රටාවන් වෙනස් කරන්නටත්, කුණාටු ඇති කරන්නටත් අත්ලාන්තික් වෙරළ කලාපයේ මුහුදු මට්ටම ඉහල නංවන්නටත් හේතු විය හැක. මේ වන විට විද්‍යඥයින් මෙම තාප හුමාරුව සිදු කරන ජල සංසරණයේ වේගය අඩු වී දුර්වල වී ඇතිබව සොයාගෙන ඇත. එනිසා ඉහත සඳහන් කල විපර්යා