Posts

මානව විද්‍යාව එදා සහ අද Vidusara 15th May, 2024 මානව විද්‍යාව ලෙස හඳුන්වන්නේ මනුෂ්‍යත්වය පිලිබඳ වූ ක්‍රමවත් හැදෑරීම ලෙසයි. එය තවදුරටත් මානව සමාජය සහ සංස්කෘතිය සහ ඒවායේ වර්ධනයන් පිලිබඳ සවිස්තරාත්මකව අධ්‍යනය කරයි. කවුරුත් පිළිගත් ඔක්ස්ෆෝර්ඩ් ශබ්ධකෝෂය අර්ථකතනය කරන්නේ “මානව ජාතින් සහ   ඒවායේ ආරම්භය, වර්ධනය මෙන්ම සිරිත් විරිත් සහ විශ්වාස පිළිබඳව අධ්‍යනය කිරීම” යනුවෙනි. මානව විද්‍යාව ප්‍රධාන විෂය දහරාවන් තුනකට බෙදෙන අතර ඒවා සමාජසංස්කෘතික මානව විද්‍යාව, ජෛව මානව විද්‍යාව සහ පුරාවිද්‍යාව ලෙස හැඳින්විය හැක. ඒ අතර භාෂාමය මානව විද්‍යාව ලෙස විෂයක් වර්ධනය වෙමින් පවතී. මිනිසුන්ගේ සමාජ සම්බන්ධතා සහ ක්‍රියාකාරිත්වය, සිරිත් විරිත්, ඇදැහිලි සහ විශ්වාස පිළිබඳව අධ්‍යනය කරන්නේ සමාජසංස්කෘතික මානවවිද්‍යාව විෂය දහරාව තුළිනුයි. ජෛව මානව විද්‍යාව මානවයාගේ ජෛව විද්‍යාත්මක පරිණාමය, පැවැත්ම සහ විශේෂ වඳවීම් ගැනද අධ්‍යනය කරයි. පැරණි මානවයන්ගේ භාවිත ද්‍රව්‍ය සහ ද්‍රව්‍ය සංස්කෘතිය ගැන පුරාවිද්‍යා මානවවිද්‍යාව තුලින් සාකච්ඡා කරයි. දහඅටවන ශතවර්ෂයේදී පමණ ඉංගිරිසියට පෙරළුණ මෙම වචනය ප්‍රංශ භාෂාවෙන් “ඇන්ත්‍රෝපෝලොජියා”
  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු සාගරයේ පවා දැකිය හැකිය. ඒවා සාගරය තුලින් ගලායන ගංගා වැනිය. ඒවා සාගර මතුපිට සිට අභ්‍යන්තරය දක්වා ගලා යයි. එවැනි ජල ගංගාවක් වනුයේ “අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය’ ලෙස හඳුන්වාදෙන ජල සංසරණයයි. මෙමගින් උණුසුම් ජලය උතුරටත් එහි සීතල ජලය දකුණටත් හුවමාරු කරයි. මෙම හුවමාරුව අපි නොසිතන ලෙස ගෝලීය උණුසුම තුලනය කරමින් දේශගුණික විපර්යාසයන් සමනය කරන්නට සහ දක්වයි. මෙම ක්‍රියාවලිය නැවතුණහොත් කුමක් සිදු වේද? එවිට නිවර්තන උණුසුම උතුරට සංසරණය වන්නේත් උතුර අර්ධ ගෝලයේ සිතල දකුණට සංසරණය වන්නේත් නැත. එය ඒ ඒ ප්‍රදේශවල ඒ ඒ තත්වයන් වර්ධනය කරන්නට හේතු වෙයි. නිවර්තන කලාපයේ තවත් උණුසුම් කරන අතර උතුරු ප්‍රදේශය තවත් සීතල කරයි. එපමණක් නොව වර්ෂාපතන රටාවන් වෙනස් කරන්නටත්, කුණාටු ඇති කරන්නටත් අත්ලාන්තික් වෙරළ කලාපයේ මුහුදු මට්ටම ඉහල නංවන්නටත් හේතු විය හැක. මේ වන විට විද්‍යඥයින් මෙම තාප හුමාරුව සිදු කරන ජල සංසරණයේ වේගය අඩු වී දුර්වල වී ඇතිබව සොයාගෙන ඇත. එනිසා ඉහත සඳහන් කල විපර්යා
 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජනතාව නොමගයවන සුළුය. පුරාවිද්යාවේ අර්ථකථන සඳහා භුවිද්‍යාවේ අවශ්‍යතාව පසුගිය දශක දෙකකට ආසන්න කාලයක සිටම මම පෙන්වමින් සිටියෙමි. කී දෙනෙකු එය තේරුම් ගත්තාදැයි නොදනී.  වරින්වර සමහර විද්වතුන් සිදුකරන ප්‍රකාශ අර්ථශුන්‍ය වගකීම් විරහිත ඒවා බව පැහැදිලි වේ. එහෙන් මෙහෙන් අහුලාගත් සමහර කරුණු නිසි අවබෝධයකින් තොරව භාවිතා කිරීම අතිශය භයානකය. එමගින් දන්නා ඉතිහාසය ද විකෘත කෙරේ. එක් මහාචාර්යවරයෙකු විසින් ලියන ලද පර්යේෂණ ග්‍රන්ථයක (සිංහල) කඳුකරයේ ජනතාව “ඇල්මන්ඩින් ගානට්” වලින් යකඩ නිස්සාරණය කරන ලද බවද සඳහන් වේ. එය පිළිගත නොහැකි නොමග යවන සුළු ප්‍රකාශයකි. අප විසින් කරන ලද පර්යේෂණ වලින් තහවුරු වන්නේ හිම්ටයිට් නම් වූ යකඩ ඛනිජය මේ සඳහා යොදාගත් බවයි. මේ සඳහා ක්ෂේත්‍ර සාක්ෂි උඩවලව, හල්දුම්මුල්ල වැනි ප්‍රදේශ වලින් පමණක් නොව සේරුවල ප්‍රදේශයෙන් පවා හමුවන බව මෙහිලා සඳහන් කල යුතුය.  සේරුවිල ප්‍රදේශය ප්‍රසිද්ධ වන්නේ තඹ නිධිය පැවතීම හේතුකොටගෙනය. තඹ ප්‍රයෝජනයට ගැනීම “මාගේ මතය” අනුව ව
භූ සම්පත්, ජනාවාස සහ සංස්කෘතීන්............!!! අවශ්‍යතා පදනම් කරගෙන බිහි වූ ශිෂ්ටාචාර ලොව පළමු ශිෂ්ටාචාර වේ. ඒවා බොහෝ විට භූ සම්පත් මූලික කරගෙන බිහි වූ ඒවායි. ජලය මූලික අවශ්‍යතාව කරගත් ඉන්දුනිම්න, හරප්පා සහ නයිල් වැනි ශිෂ්ටාචාර මේ සඳහා කදිම උදාහරණ වේ. එයට අමතරව වෙනත් භූ සම්පත් කේන්ද්‍ර කරගත් ජනාවාස, සමාජ සහ සංස්කෘතීන් ද බිහි වි ඇත. වර්තමානයේ ඔස්ට්‍රේලියාව වැනි රටවල ආර්ථික ලෝහ වන රත්තරන්, තඹ සහ යකඩ වැනි ලෝහ ආකාර මූලික කරගෙන බිහි වූ එවැනි ජනාවාස සහ සංස්කෘතීන් තුල යම් සුවිශේෂීතා දැකිය හැකි වේ. පැරණි කර්මාන්ත වන මැටි කර්මාන්තය, ලෝහ කර්මාන්තය, ලුණු කර්මාන්තය වැනි කර්මාන්ත නිසා අපුරු සාමාජ සංස්කෘතීන් බිහිවන බව අමතුවෙන් පැවසිය යුතු නොවේ. වාග් සම්ප්‍රදායන්ගේ විවිධත්වය සහ මානව හැසිරීමේ විවිධත්වය ඒ තුල දැකිය හැකිය. මෙය වඩාත් තීවෘ වන්නේ කාලගුණය සහ දේශගුණය ඒ මත බල පවත්වන විටයි. ලෝකයේ ඕනෑම සංස්කෘතියක් හැඩගැසෙන්නේ දේශගුණයේ බලපෑම තුලයි. මානව විද්‍යාව හදාරන්නන් ගේ අවධානය ශ්‍රී ලංකාවේ එවැනි ජනාවාස සහ සමාජ සංස්කෘතීන් වෙත යොමු විය යුතුය. උදාහරණයක් ලෙස අනුරාධපුර සහ පොළොන්නරු යුගවලදී බොහෝ ගොඩනැගිලි පාෂ
The talk on Indigenous knowledge in Sri Lanka; at the Orientation program, 2024 at Faculty of Indigenous Social Sciences and Management Studies, Gampaha Wicremarrachchi University of Indigenous medicine  What is indigenous knowledge??   Indigenous knowledge refers to understandings, skills, and philosophies developed by local communities with long histories and experiences of interaction with their natural surroundings according to the UNESCO  I s that true….? Either it is true or not, it is the backbone of your country, your society and your culture. The indigenous knowledge is not static it is dynamic changing over the time again as per the changing environment due to climate change. Climate change controls everything; the environment, people, society, culture, language etc. We are products of climate change, our society is a product of climate change, our culture is a product of climate change. World cannot be escaped from climate change hence the indigenous knowledge. It is
  වර්ණ සහ ලෝහ ඛනිජ 06/01/2024 මිනිසාගේ අවධානයට යොමු වූ පළමු ලෝහ ඛනිජය විය හැක්කේ රත්තරන් විය යුතුය. එලෙස මා   පවසනුයේ පර්යේෂණයෙන් සොයා ගත්තක් නොව මාගේ යම් සිතුවිල්ලකට යටත්වය. ඒ සඳහා සාධාරණ කරුණු කිහිපයක් දැක විය හැක. එහි වර්ණය ආකර්ෂණීයයි. ඕනෑම අයෙකුගේ ඇස ඒ සඳහා යොමු වේ. ඕනෑම භූ පරිසරයක ඉතා පහසුවෙන් කෙනෙකුගේ අවධානයට යොමු වේ. ප්‍රාග් මානවගේ ඇසට රත්තරන් යොමු නොවූ වේ යැයි කිව නොහැක. විශේෂයෙන්ම ගංගා නිම්න පරිසරයේ සැරිසරණ මොවුනට ගසාගෙන එන වැල්ලේ එය නිතැතින්ම හමුවන්නට ඇත. නමුත් රත්තරන් කොතරම් ලස්සන වුවද ඒ සතු යම් දුර්ගුණාංගයක් නිසා එය ඔවුන්ගේ සිත් නොගන්නට ඇත. ලෝහයක් ලෙස එහි භාවිතය එතරම් දුර්වලය. පිරිසිදු රත්තරන් (කැරට් 24) සිහින් ලෙස කැඩි කැඩී යයි. එතරම් ම ශක්තිමත් නොවේ. රත්තරන් වලින් යම් ශක්තිමත් භාණ්ඩයක් සෑදිය නොහැක්කේ මේ නිසාය. ශක්තිමත් වන්නට නම් තවත් ලෝහ සමග මිශ්‍ර කල යුතුය. නමුත් තඹ එසේ නොවේ. සමහර තඹ ඛනිජ පෙනුමෙන් රත්තරන් වැනිය ( දිය රත්තරන්). එනිසාම කලවමේ මෙම ලෝහ ඛණිජ අවධානයට ලක් වන්නට ඇත. එකම වර්ණය දෙන නමුත් වෙනස් ගුණ දෙන ඛනිජ දෙකෙන් තඹ වෙන්කර ගැනීමෙන් සාර්ථක ලෙස ආයුධයක් තනන්
  පස සහ දේශගුණ විපර්යාසය පස සහ වත්මන් දේශගුණ විපර්යාසයන් අතර ඇති අන්තර් සම්බන්ධය ගැන බොහෝදෙනාගේ නොදැනුවත්කම පාංශු ඛාදනය අවම කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සාර්ථක නොවීමට හේතුවක් විය හැකි බව මගේ හැඟීමයි. වායෝගොලයේ වැඩිවන කාබන්ඩයොක්සයිඩ් වායුව ගබඩා කල හැකි විසල් ගබඩාවක් වන්නේ පෘතුවි මතුපිට ආවරණය කරන පාංශු තට්ටුව බව අප වටහාගත යුතුය. පාෂාණ ජිර්ණයේ ප්‍රතිඵලයක් වර්ධනය පාංශු ස්තර කාබනික ද්‍රව්‍ය ගබඩා කල හැකි කදිම ස්ථානයක් වන්නේ ශාක සහ සත්ත්ව   කොටස් එහිදී සරල කාබනික ද්‍රව්‍ය බවට පත් වෙමින්ද කාබන් බවට පත් වෙමින්ද ඒ තුල බොහෝ කාලයක් පැවතිය හැකි වීමයි. ඒ පිළිබඳව වත් බටහිර විද්‍යාත්මක පර්යේෂණ වලින්ද තහවුරු කර ඇත. විශේෂයෙන්ම නිර්වායු තත්වයේ පවතින පාංශු ස්තර තුල මෙම කාබනික ද්‍රව්‍ය කාබන් බවට පත්ව බොහෝ කාලයක් පැවතිය හැක. මේ සඳහා පහත්බිම් සහ තෙත් බිම් වැදගත් බව පෙනී යන කාරණාවකි. ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රතිඵලයක් ලෙස ශාක තුලට එකතුවන වායුගෝලීය කාබන් ජෛව ගෝලය හරහා පාංශු ගෝලයට එක්වන්නේ අප කවුරුත් නොසිතන ලෙසයි. මේ අපූරු පරිවර්තනය කාබන්ඩයොක්සයිඩ් වායුව නිසා ඇතිවන ගෝලීය උණුසුම පහත හෙලන්නට ඉතා හොඳ ක්‍රමවේදයක් බව මේ