Posts

Showing posts from February 8, 2017
විදුපත් ඉරුව 2017 පෙබරවාරි 08 බදාදා විද්‍යාඥයින් විසින් සිදුකරනා විද්‍යා සොයාගැනීම් නිසා ලෝකය නිරතුරුවම විචිත්‍රවත් කරයි. පසුගිය ජනේරුවේ අගබාගයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් සිදු කරනු ලැබූ සොයාගැනීමක් නිසා විද්‍යා ලෝකය මේ වනවිටත් ආන්දෝලන්ත්මක කතා බහක නිරත වෙමින් පවතී. “ලෝහමය හයිඩ්‍රජන්” යනු මෙතුවක් කල් විද්‍යාඥයින් අතර සිහීනයක් වැ තිබු උපකල්පිත පදාර්තමය අවස්තාවක් වේ. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිසැක් සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස් යන දෙපල විසින් විද්‍යා පත්‍රිකාවක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් ලෝහ හයිඩ්‍රජන් නිපදවන්නට සමත් වූ බවයි. මේ පිලිබඳ පර්යේෂණ කරනා මෙන්ම නිරන්තර අවදියෙන් සිටිනා බොහෝ විද්වතුන්ගේ අවධානයට ලක් වූ මෙම පත්‍රිකාව විද්‍යාත්මක පත්‍රිකාවක තිබිය යුතු සමහර ගුණාංග නොතිබූ නිසා තරමක් විවෙචනයට ලක් වුවද බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වී තිබේ. අප දන්නා පරිදි හයිඩ්‍රජන් ආවර්තිතාවේ පළමු මූලද්‍රව්‍ය වේ. සොබාවික පරිසරයේ දී වායුවක් ලෙස හැසිරෙන මෙම මුලද්‍රව්‍යය   ද්‍රවයක් කිරීමට නම් අධික සිතලකට ලක් කල යුතු වන අතර එම උෂ්ණත්වය සෙල්සියක් අංශක -259.1