Posts

Showing posts from July 13, 2019
විදු පත් ඉරුව 14.09.2016 සමකාසන්න රටක්‌ වුවත් ශ්‍රී ලංකාව දූපතක්‌ වීම, එහි කුඩා වපසරිය තුළ බොහෝ දේශගුණික විපර්යාසයන් ඇති කරවන්නට හේතු වී ඇත. මෙරටට ඉහළ වර්ෂාපතනයක්‌ ගෙන දෙන නිරිතදිග මෝසම දිවයිනේ දකුණු, නිරිත සහ බටහිර කලාප තෙත් කලාපයක්‌ කරන්නට සමත් වන අතර ඒ සදහා ප්‍රධාන කොට ම හේතු වන්නේ නිරිතදිගින් හමන සුළඟට බාධාවකින් තොර ව සාගර ජලය ඔසවාගෙන එන්නට හැකි වීම බව පැහැදිලි ය. සදාකල්හි ම හරිත වර්ණයෙන් බැබළෙන තෙත් කලාපය නිරිතදිග මෝසමෙන් කදිමට ජල පහස ලැබීම මෙන්ම නිවර්තන කලාපය සුපුරුදු උණුසුම ද අඩුවක්‌ නොමැති ව ලැබීම සදා නො නවතින එක්‌ භූ ක්‍රියාවලියක්‌ තීව්‍ර කරන්නට හේතු වන බව බොහෝ දෙනෙක්‌ නො දනිති. ඒ නම් කොතෙක්‌ වැර වෑයම් කළ ද නැවැත්විය නොහැකි "පාෂාණ ජීර්ණය"යි. ලැබෙන අධික වර්ෂාපතනයත් කදිම උණුසුමත් නිසා වෙනත් කලාපවලට වඩා වැඩියෙන් පාෂාණ ජීර්ණ ක්‍රියාවලිය තෙත් කලාපයේ ඉතා හොඳින් සිදු වේ. එනිසා ම විසල් පස්‌ (Soil) සහ අවසාදිත (Sediment) තට්‌ටු ඇති කරන්නට සමත් වේ. පාෂාණ ජීර්ණය ඉතා අපූරු භූ රසායන ක්‍රියාදාමයකි. පොළෝ අභ්‍යන්තරයේ බිහි වන විපරිත සහ ආගනේය පාෂාණ පමණක්‌