Posts

Showing posts from September 2, 2019
විදුපත්ඉරුව 31.05.2017 හිටිහැටියෙ ම වැටුණ වැස්‌සට මෙච්චර විපතක්‌ වෙයි කියලා හිතුවේ නෑ මහත්තයෝ. නැතිනං අපිට අයින් වෙන්න කියලා කියලයි තිබුණේ." මෙවැනි කථා සැම නාය ආපදාවකට පසු කිහිප තැනකින් ම අසන්නට ලැබෙන බව කිව යුතු ය. මෙහි ගැඹුරු අර්ථය නම් මෙරට වගකිවයුතු ආයතන ලබා දෙන උපදෙස්‌ මහජනතාව නො සලකා හරින බව නොවේ ද? වසර ගණනාවක්‌ තිස්‌සේ පර්යේෂණ කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දියුණු කරනු ලැබූ නාය ආපදා සිතියම් සැලකිල්ලට ගන්නේ මෙරට නාය අවදානමට ලක්‌ වන ජනතාව ගෙන් කොපමණ පිරිසක්‌ ද යන්න මෙවැනි ආපදාවක දී තේරුම්ගත හැකි ය. වසරක දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදු කරන දැනුවත් කිරීම් ප්‍රමාණය සිය ගණනකි. මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් දැනට දශක දෙක තුනක සිට ම සිදු කරනු ලැබේ. මේ දැනුවත් කිරීම්වල දී අදාළ ප්‍රදේශවල නාය යා හැකි ස්‌ථාන හඳුනාගනු ලබන අතර ව්‍යසනයක දී එම නාය යා හැකි ස්‌ථාන මගහැර ආරක්‌ෂිත ස්‌ථානවලට ළඟා විය හැකි මාර්ග පවා නම් කර ජනතාව පෙර සූදානම් කර ඇත. ග්‍රාමීය නාය ආපදා කමිටු බිහි කර නාය ආපදාවක දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද පැහැදිලිව දැනුම් දී