Posts

Showing posts from April 17, 2018
විදු පත් ඉරුව 20 15  මැයි 13 බදාදා නේපාලයට 20 15 අප්‍රේල් 25 වැනි දින අඳුරු දිනයක්‌ වුණා. ඒ රික්‌ටර් පරිමාණයේ ඒකක 7.8ක්‌ පමණ ප්‍රබල වූ භූ කම්පනයකට ලක්‌ වීමෙන් ඇති වූ ව්‍යසනයයි. අට දහසක්‌ පමණ වූ මිනිස්‌ ජීවිත මෙයින් අහිමි වූ අතර එමෙන් දෙගුණයක්‌ පමණ වූ මිනිසුන් සංඛ්‍යාවක්‌ ආබාධිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙය 1934ට පසු නේපාලයේ ඇති වූ දරුණු ම භූ කම්පනයයි. ඉන්දියානු භූ තලය සහ යුරේසියානු භූ තලය එක්‌ වන මායිමේ නේපාලය පිහිටා ඇති අතර එනිසා ම ඒ ආසන්නයේ නිරන්තරයෙන් සිදු වන භූ කම්පනවලට ගොදුරු විමට වැඩි නැඹුරුතාවයක්‌ තියෙනවා. සති තුනකට පමණ පෙර සිදු වූ මේ භූ කම්පනය තත්පර විස්‌සක්‌ පමණ කාලයක්‌ රඳා පැවැති අතර නේපාලයේ ලූර්ම්ජන්ග් නම් වූ ස්‌ථානයට කිලෝමීටර 15ක්‌ පමණ වහා ම පහළින් වූ නොගැඹුරු භූ අභ්‍යන්තරයේ තමයි එය හටගෙන තියෙන්නේ. මේ හේතුවෙන් ඉන්දියාවේ ද, බංගලාදේශයේ ද, භුතානයේ ද, චිනයේ ද සමහර ස්‌ථානවලට භූ කම්පනය දැනී ඇති අතර ඒ හේතුවෙන් තුවාල ලත් පුද්ගලයන් ද වාර්තා වුණා. ඒ වාගේ ම ප්‍රබලතාව අවම වශයෙන් රික්‌ටර් 4.5 ක්‌ පමණ වූ තිස්‌ පහකට වැඩි පසු කම්පන ප්‍රමාණයක්‌ ද