Posts

Showing posts from July 13, 2018
කාබන් චක්‍රයේ පාංශු පැතිකඩ වසන්තය නිමා කරමින් ගිම්හානය ලබන්නේ සියලු ශාකපත්‍ර වර්ණවත් කරමින්. ඒ වර්ණවත් බව ශාකපත්‍ර වල අවසානය සනිටුහන් කරන බව හිරු එළිය නොදන්නා මුත් අඛණ්ඩ හිරු රැස් දහවල පුරා ඉතා ප්‍රබලව පතිත කරන්නේ සුපුරුදු පරිදි ස්වයංපෝෂින්හට අවැසි ශක්තිය සපයමින්.   ගිම්හානය ගෙවෙද්දී එකින් එක පත්‍ර බිම ඇදහැලෙමින් නග්න පොළොව සිප ගන්නේ නැවත නැවතත් පතිත වන තම කාර්යය නිම කල සහෝදර පත්‍රයන්ගේ නවමු ගමනට සුබාසිංශන කරමින්. ළඟ ලඟම එන ශිත කාලය ට සූදානම් වන්නාක් මෙන් එකින් එක රැස් කකා පොදි ගැසුන ශාක පත්‍ර තම දේහ වියෝජනය ආරම්ඹ කරන්නේ දෙගිඩියාවෙන්. ඇරඹි ශිත ඉරුතුවේදී මුහුණ පාන්නට සිදුවන අධික ශීතල දේහ වියෝජන ක්‍රියාවලිය බාල කරන්නට සිදු වීම එයට හේතුවයි. කෙසේ නමුත් සෙමින් සෙමින් ලිහා දමන තම දේහයේ සංකීර්ණ කාබනික සංයෝග සතු ඛණිජ ලවණ පසට එකතු වන්නට පටන් අරන්. තම අරට, ඉරටු සහ නාරටි පවා පාෂාණීභූත කරන්නට සමත් මේ සීතලෙන් නම් කිසිවෙකුට බේරෙන්නට බැහැ. බොහොමයක් සක්‍රිය ජිවීන් සීතලට බියෙන් පලා ගොසින්. නැතහොත් පාංශු තලයේ වූ බෙන සහ ගුල්වල සැඟවී නිද්‍රාශිලී වී ඇත. මේ අතර පාංශු ක්‍ෂුද්‍ර ජිවීන් පවා තම අනසක