Posts

Showing posts from August 10, 2018
විදුපත් ඉරුව 06.01.2016 විදුපත් ඉරුව ලියන්න පටන් අරන් දැන් හරියටම අවුරුද්දක්‌ වෙනවා. මේ වෙන කොට ලිපි හතළිස්‌ නවයක්‌ පමණ ලියා අවසන්. මේ ලියවෙන්නේ එතකොට පනස්‌ වැනි ලිපිය. විවිධ මාතෘකා ඔස්‌සේ මා උකහාගත් දැනුම ඔබ වෙතට මේ අයුරින් හෝ ගෙන ඒමට ලැබීම සතුටක්‌. ඊටත් වඩා මා සතුටු වන්නේ මෙලෙස ලබා දෙන දැනුමෙන් කිසියම් කෙනෙකු ප්‍රයෝජනයක්‌ ගන්නවා නම්. මා සිතනවා විශේෂයෙන් ම විදුසර කියවන පුතාලා දූලා තම අධ්‍යාපන ගමන සාර්ථක කරගැනීමට විදුසර සඟරාව අත්වැලක්‌ කරගෙන ඇතැයි කියා. මගේ විද්‍යා දැනුම පෝෂණය කරන්නට මුල සිට ම ඉවහල් වූයේ විදුසර විද්‍යා සඟරාවයි. එය මා නොසඟවා පැවසිය යුතු සත්‍යයක්‌. එය විද්‍යාවේ විවිධ මාතෘකා ඔස්‌සේ විවිධ විෂයන් ඔස්‌සේ ගෙන ආ තොරතුරු ඇත්තෙන් ම මා නිරන්තරයෙන් ම විස්‌මයට පත් කළා පමණක්‌ නො ව කුතුහලයට ද පත් කළා. එනිසා විද්‍යාව කෙරෙහි නිරන්තරයෙන් ම මා ඇද බැඳ තබාගත්තේ විදුසර බව කියන්න පුළුවන්. අද තරම් තොරතුරු සන්නිවේදනය නොදියුණු ඒ යුගයේ පත්තරවලට ඉතා ඉහළ තැනක්‌ තිබුණා. විදුසර ගෙන ආවේ දැනුම පමණක්‌ නො වේ. විශ්ව විද්‍යාව අතැඹුලක්‌ කර අප වෙතට ගෙන ආවේත් ගෙන එන්නේත් විදුසරයි.